පොලීසිය භාර ඇමැති සරත්ට මාස්ක් එක අමතක වෙයි

දියමත විශේෂ මෙහෙයුමි බලඝනය නම් වූ නවතම අනු ඒකකයක් ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කාර්ය බලකාය වෙත එක් කිරීම අද සිදු කළා. ඒ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර ගේ ප්‍රධානත්වයෙන් කෙසේ වෙතත් අදාළ උත්සවය පැවති අවස්ථාවේදී අමාත්‍ය සරත් වීරසේකර මුව ආවරණයක් පැළද නොසිටි ආකාරය දැක්වෙන ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේද හුවමාරු වනවා.