ශ්‍රි ලංකා කණ්ඩායමේ තිරිමාන්නට සහ පුහුණුකරු මිකී ආතර්ට කොරෝනා

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් සහ නොබෝදා දකුණු අප්‍රිකානු සංචාරයේ මෙන්ම එංගලන්ත තරගාවලියේ ක්‍රීඩා කළ ලහිරු තිරිමාන්න හට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ. පසුගිය දා විශාල කොවිඩ් අවධානමක පැවති දකුණු අප්‍රිකාවේ සංචාරය කළ ශ්‍රි ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන තිරිමාන්න සහ පුහුණුකරු මිකි ආතර් මේ වනවිට කොරෝනා වෛරසයට ගොදුරු වී ඇත.

එංගලන්තය සේම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් පවා දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයන් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කොරෝනා ව්‍යාප්තිය හමුවේ අවලංගු කළ අතර කෙසේ නමුත් ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායම මේ තරඟ සංචාරය සදහා සහභාගි විය. එසේම ලහිරු තිරිමාන්න පසුගිය 02වනදා ක්‍රිකට් ක්‍රීඩක සදීර සමරවික්‍රමගේ විවාහ මංගල උත්සවය සඳහාද සහභාගි වී ඇත. මේ හේතුවෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් දරුණු ලෙස කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසයේ තර්ජනය දැඩිව එල්ල වී ඇත.