අයිපීඑල් කාන්තා විස්සයි 20 තරගාවලිය හෙට සාජාහීදී ඇරඹේ

ඉන්දීය ප්‍රීමියර් ලීග් කාන්තා විස්සයි 20 තරගාවලිය හෙට සාජා ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. කණ්ඩායම් 3ක් අතර පැවැත්වෙන මෙම තරගාවලිය 9 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාවන් බහුලව තරගාවලියට එක්ව සිටින අතර ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, හා තායිලන්තය වැනි රටවලින් ක්‍රීඩිකාවෝ සාජා නුවරට පැමිණ සිටිති.
මෙම සියලු ක්‍රීඩිකාවෝ පසුගිය දින 7ක කාලයක් නිරෝධායනයට ලක්ව හොටල් තුල සිටි අතර පෙරේදා සිට සිය පුහුණුවීම් ආරම්භ කොට තරගාවලියට සූදනමින් සිටිති. ශ්‍රී ලංකාවේ චමරී අතපත්තු හා ෂශිකලා සිරිවර්ධන හර්මන් ප්‍රීත් කාවූර්ගේ නායකත්වයෙන් තරග බිමට පිවිසෙන ‘සුපර්නෝවාස්‘ කන්ඩායමට එක්ව සිටින අතර එම කණ්ඩායම පළමු දිනයේදී මිතලී රාජ්ගේ නායකත්වයෙන් යුතු ‘විලෝසිටි‘ කණ්ඩායම සමග තරගයට එක්වේ.
සුපර්නෝවාස්‘ පිලට තායිලන්තයේ ක්‍රීඩිකා නතකාන් චාන්තම් ඇත්ලත්ව සිටින අතර, දකුණු අප්‍රිකාවේ අයබොංගා කාකා හා බටහිර ඉන්දීය කොදෙව් පිලේ ශකීරා සෙල්මාන් එක්ව සිටිති.
‘ට්‍රෙල්බ්ලාසර්‘ කණ්ඩායමට විදෙස් ක්‍රීඩිකාවන් හතරක් එක්ව සිටින අතර බංග්ලාදේශයේ සල්මා ඛාතුන්, එංගලන්තයේ සොෆී එක්ලෙස්ටෝන්, තායිලන්තයේ නට්ටාකාන් චාන්තම් හා බටහිර ඉන්දීය කොදෙව් පිලේ ඩේන්ද්‍රා ඩෝටීන් ක්‍රීඩා කරති. තායිලන්ත ක්‍රීඩිකාවක් මෙවැනි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකට එක්වන පළමු අවස්ථාව මෙයවීම ද විශේෂත්වයකි.
වෙලෝසිටි පිලට ලේග් කැස්පෙරෙක් (නවසීලන්තය), ඩැනී වියාට් (එංගලන්තය), සුනී ලූස් (දකුණු අප්‍රිකාව) හා ජනරා අලාම් (බංග්ලාදේශය) එක්වූ විදේශීය ක්‍රීඩිකාවෝ වෙති.
ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 සිට තරග ආරම්භ වේ. මේ වන විටත් ක්‍රීඩිකාවන් සහ සහායක කාර්ය මණ්ඩල දැනටමත් ඩුබායි වෙත පැමිණ ඇති අතර පුහුණු කටයුතු ආරම්භ කොට ඇත.
සුපර්නෝවාස්
හර්මන් ප්‍රීත් කෞර් (නායිකා), ජෙමීමා රොද්‍රිගුස්, චමරි අතපත්තු (ශ්‍රී ලංකා) , ප්‍රියා පූනියා, අනුජා පටිල්, රාධා යාදව්, ටානියා භාතිය, ශෂිකලා සිරිවර්ධන (ශ්‍රී ලංකා), පූනම් යාදව්, ශකීරා සෙල්මාන් ( බටහිර ඉන්දීය කොදෙව්), ආයුෂි සෝනි, අයබොංගා කාකා (දකුණු අප්‍රිකාව), පූජා වස්ත්‍රිකාර්, අරුන්දතී රෙඩී, මුස්ඛාන් මලීක්
ට්‍රේල්බ්ලේසර්
ශ්‍රීමතී මන්දනා (නායිකා), දීප්ති ෂර්මා, පූනම් රාවුට්, රිචා ගෝෂ්, ඩී. හේමලතා, නුෂාට් පර්වින්, රාජේශ්වරී ගයාක්වාඩ්, හාර්ලීන් ඩියොල්, ජූලන් ගෝස්වාමි, සිමරන් දිල් බහදූර්, සල්මා ඛාතුන් (බංග්ලාදේශය),
සොෆී එක්ලෙස්ටෝන් (එංගලන්තය), නට්ටාකාන් චාන්තම් (තායිලන්තය), ඩේන්ද්‍රා ඩෝටීන් ( බටහිර ඉන්දීය කොදෙව්), කාෂ්වී ගෞතම්
වෙලෝසිටි
මිතාලි රාජ් (නායිකා), වේදා ක්‍රිෂ්ණමූර්ති, ෂෆාලි වෙර්මා, සුෂ්මා වෙර්මා, එක්ටා බිෂ්ට්, මාන්සි ජෝෂි, ශිඛා පාණ්ඩේ, දේවිකා වෛද්‍යා, සුෂ්රි ඩිබයදර්ෂිනි, මනාලි දක්ෂිණි, ලේග් කැස්පෙරෙක් (නවසීලන්තය), ඩැනී වියාට් (එංගලන්තය), සුනී ලූස් (දකුණු අප්‍රිකාව), ජනරා අලාම් (බංග්ලාදේශය), මුරලි අනගා, මෙන්ගා සිංග්