ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රි ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරිමට දකුණු අප්‍රිකාව සමත්විය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49.3කදී සියලු දෙනා දැවී ලකුණු 203ක් රැස්කළේය. කුසල් පෙරේරා හා අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 30 බැගින් රැස්කළය.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රිස් මොරිස් හා ඩී. ප්‍රිටෝරියස් කඩුලු තුන බැගින් දවාගත්හ.
ලකුණු 204ක පහසු ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාව පන්දුවාර 37.2කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 206ක් රැස්කරමින් තරගය ජයගත්තේය.
දකුණු අප්‍රිකා ඉනිමේ බිඳ වැටුණු එකම කඩුල්ල වූ ක්වින්ටන්ඩි කොක් ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. ඉන් අනතුරුව හෂීම් අම්ලා 90* හා නායක ඩු ප්ලෙසි 94ක් ලෙස ලකුණු රැස්කරමින් තරගය ජයගත්තේය.
ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානය දක්වා පහළ ගියෙ අවසන් පූර්ව තරගය සඳහා පැමිණීමේ බලාපොරොත්තු අවම කරමිනි.
තරගයේ වීරයා ලෙස ප්‍රි ටොරියස් සම්මාන දිනාගත්තේය.