කැන්ගරුවන් පරදා සිංහයන්ට විශිෂ්ඨ ජයක්



ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරඟාවලිය 3-0 ලෙස ජයගන්නට ශ්‍රී ලාංකාව සමත් වී ඇත. අද අවසන් තරඟය කොළඹ එස්.එස්.සී. පිටියේ පැවති අතර ශ්‍රී ලංකාවට එම තරඟයෙන් ලකුණු 163ක ජයක් අත්විය. මෙහිදි අතිවිශිෂ්ඨ පන්දු යැවීමක රංගන හේරත් නිරත විය (64/7). මේ අනුව තරඟයේ සහ තරඟාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතුවිය.