Local

ලිපි ලක්ෂ 10 ක් තැපැල් වර්ජනයෙන් ග‍ොඩගැසේ

Tuesday, 12 December 2023 - 5:37 pm

පවතින තැපැල් වර්ජනය හේතුවෙන් ලිපි ලක්ෂ 10 ක් පමණ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ දිවයිනේ අනෙකුත් තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා.

ලිපි බෙදාහැරීම අඩාල වී ඇති බවත්, මධ්‍යම තැපැල් හුවමාරුවේ සිට කිසිදු තැපැල් භාණ්ඩයක් ප්‍රවාහනය කිරීමට නොහැකි වී ඇති බවත් එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසා සිටිනවා.

ඊයේ සිට තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල සියල්ලම මහජන සේවා පැවැත්වීමක් සිදු නොකළ බවත්, වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රිය තෙක් ක්‍රියාත්මක බවත්, අද මධ්‍යම රාත්‍රී 12න් පසු සුපුරුදු පරිදි තැපැල් කටයුතු ආරම්භ කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

මේ දක්වා දේශපාලන අධිකාරිය හෝ තැපෑලේ කළමනාකාරීත්වය සමග කිසිදු අදහස් හුවමාරුවක් සිදු නොවූ බවද, පවතින ගැටළු එලෙසින්ම පවතින බවද, මෙයට ස්ථිරසාර විසඳුම් ලබාගැනීම සඳහා ඉදිරියේදී දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සඳහන් කරන්නේ.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT