Local

ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට නව ගිවිසුමකට අත්සන් තැබේ

Thursday, 08 June 2023 - 10:13 pm

ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආර්.එම්. පාර්ක්ස් සමාගම (RM Parks Inc) අතර දිගුකාලීන ගිවිසුමකට අත්සන් තැබීම අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.යූ.ඩී.පී.කේ. මාපා පතිරණ සහ ආර්.එම් පාර්ක්ස් සමාගමේ උප සභාපති ජස්ටියන් ඩිවිස් (Justion Divis) යන මහත්වරු ජනාධිපතිවරයා ඉදිරියේ ගිවිසුමට අත්සන් තැබූහ.
බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු ආර්.එම්. පාර්ක්ස් සමාගම, ෂෙල් සමාගම සමඟ එක්ව දින 45ක් ඇතුළත ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කිරීමට මේ යටතේ සැලසුම් කර තිබේ.
ණයවර ලිපි විවෘත කර බිල්පත් පියවන අවස්ථාවේ ප්‍රමාණවත් විදේශ විනිමය ලබා දීමට නොහැකි වීම නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට (CPC) මෙන්ම ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට (LIOC) සැලසුම් කළ පරිදි ඉන්ධන තොග ගෙන්වා ගැනීමට පසුගිය කාලයේදී නොහැකි විය.
එබැවින් පාරිභෝගිකයින්ට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මඟින් මෙම උපාය මාර්ග සැලසුම් දියත් කෙරිණි.
එහි පළමු අදියර ලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය ඇතිව, මෙරට තුළ ක්‍රියාත්මක බෙදාහැරීමේ අලෙවි නියෝජිත ජාලය තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල ස්ථාපිත කීර්තිමත් සමාගම්වලට ආයෝජනය සඳහා ආරාධනා කරන ලදී.
එහිදී වෙළඳපොළට ඇතුළු වන නව සිල්ලර සැපයුම්කරුවන් සඳහා පනවා ඇති එක් ප්‍රධාන කොන්දේසියක් වන්නේ දේශීය බැංකු මත රඳා නොසිට විදේශ විනිමය අවශ්‍යතා ඔවුන් විසින්ම සුරක්ෂිත කර ගැනීමේ හැකියාවයි. ඒ අනුව මෙම සමාගම් අවම වශයෙන් මෙහෙයුම් ආරම්භ කර වසරක කාලයක් තුළදී විදේශීය මූලාශ්‍ර හරහා ඉන්ධන මිලදී ගැනීම සඳහා තමන්ගේම අරමුදල් යොදා ගත යුතුය. මේ සඳහා ඔවුන්ගේ එකඟතාව ලැබීමෙන් පසු කෙටි ලැයිස්තුගත කර ඇති සමාගම්වලට ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට ආරාධනා කෙරිණි.
2002 අංක 33 දරන ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධිත) පනතේ විධිවිධාන ප්‍රකාරව කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුව (CASC) සහ තාක්ෂණික ඇගයීම් කමිටුව (TEC) විසින් එම යෝජනා මනා ලෙස පරීක්ෂා කර, සාකච්ඡාවලට යටත්ව පහත සඳහන් සමාගම් වෙත කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම නිර්දේශ කරන ලදී.
එම සමාගම් වන්නේ,
Sinopec Fuel Oil Lanka (Private) Limited, F5, හම්බන්තොට මැරිටයිම් සෙන්ටර්, මිරිජ්ජවිල, හම්බන්තොට.
United Petroleum Pty Ltd, 600, ග්ලෙන්ෆෙරි පාර, හෝතෝන්, වික්ටෝරියා 3122, ඕස්ටේලියාව.
Shell PLC සමඟ සහයෝගයෙන් RM Parks, 1061 N. මේන් ස්ට්‍රිට්, පෝටර්විල්, කැලිෆෝනියා 93257, ඇමරිකාව.
සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා පුද්ගලික සමාගම (M/s Sinopec Fuel Oil Lanka (Private) Limited සහ එහි මව් සමාගම් සමඟ රට තුළ සිල්ලර ඉන්ධන ව්‍යාපාරයට අවතීර්ණ වීමට අවස්ථාව සැලසෙන පරිදි පසුගිය මැයි මස 22 වනදා රජය සමඟ ගිවිසුමකට එළැඹිණි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී. චානක, ඉන්දික අනුරුද්ධ, ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි චන්ග් යන මහත්ම මහත්මීහු සහ අදාළ අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

ඔක්තෝබර් 07 වැනිදා සිට ජනතාවට නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව

wedivistara

Asian Games : ශ්‍රී ලංකා මීටර් 400x4 සහය දිවීමේ කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

wedivistara

උසස් පෙළ පැවැත්වෙන දිනය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරනවා - අධ්‍යාපන ඇමති

wedivistara

Asian Games : තරුෂි සහ ගයන්තිකා මීටර් 800 අවසන් තරගයට

wedivistara

විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

TODAY: ලෝක අමද්‍යප දිනය අදයි

Trending
wedivistara

ස්ත්‍රී – පුරුෂ සමාජභාවය මත පදනම්ව වූ හිංසනවලින් 60%ක් ම ෆේස්බුක් එකෙන්

wedivistara

සියලුම ශ්‍රමිකයින් ආවරණය වන පුලුල් ජාතික සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක්

wedivistara

“බර්ලින් ග්ලෝබල්” සමුළුවට සහභාගිවීම සඳහා ජනපති ජර්මනියට

wedivistara

ධනුෂ්ක ගුණතිලක නිවැරදිකරු බවට තීන්දු කෙරේ

wedivistara

තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා ශ්‍රී ලංකාවේ අදහස් ඉදිරිපත් කිරීමට ලැබෙන ස්වර්ණමය අවස්ථාවක්

wedivistara

ICC CWC 2023 : ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි


NEWS ALERT