Entertainment

“ ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය පෙබරවාරි 10 දක්වා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී

Tuesday, 07 February 2023 - 9:29 am

75 වන ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සංවිධානය කළ “ ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාර්න්පොල් (Poj Ha pol) මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04 වනදා කොළඹ 07 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී විවෘත කෙරිණි.

නවක හා දක්ෂ චිත්‍ර ශිල්පීන් දායක කර ගනිමින් 75 වන නිදහස් දින සංවත්සරයට සමගාමීව මෙරට අභිමානය විදහා දැක්වෙන මෙම චිත්‍ර ප්‍රදර්ශනය ප්‍රවීන චිත්‍ර ශිල්පී ශිල්පී එච්. එස් සරත් මහතා විසින් සංවිධානය කර තිබේ.

බලාපොරොත්තු වූ පරිදි රට පුරා තරුණ මෙන්ම වැඩිහිටි චිත්‍ර ශිල්පීන් විශාල සංඛ්‍යාවක් මෙම චිත්‍ර ප්‍රදර්ශනය සඳහා චිත්‍ර යොමු කළ බවත්, අරගලයේ සිටි තරුණ තරුණයින් පවා ඒ අතර වන බවත් ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා චිත්‍ර ප්‍රදර්ශනය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රවීන චිත්‍ර ශිල්පී එච්. එස් සරත් මහතා පැවසීය.

පසුගිය 04 වනදා ආරම්භ වූ මෙම චිත්‍ර ප්‍රදර්ශනය පෙබරවාරි 10 වනදා දක්වා පෙ.ව 10.00 සිට ප.ව 5.00 දක්වා කොළඹ 07 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී පැවැත්වේ.


Top Stories
wedivistara

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාවයි – සාගල රත්නායක

wedivistara

බලශක්ති ක්ෂේත්‍රයේ හරිත ආයෝජන බළමුළු ගැන්වීමට ශ්‍රී ලංකාව සූදානම් – දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන

wedivistara

අද ඩොලරයේ විකුණුම් මිල රු.333 යි

wedivistara

ඇතැම් පිරවුම්හල් අප්‍රේල් මස මිල සංශෝධන අපේක්ෂාවෙන් ඉන්ධන ඇනවුම් කර නැහැ - කංචන

wedivistara

අවම බස් ගාස්තුව රුපියල් 04 කින් පහතට

wedivistara

IOC ඉන්ධන මිල පහලට

Trending
wedivistara

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී නුදුරේදීම සම්මත කරනවා

wedivistara

සතොස භාණ්ඩ වර්ග 10 ක මිල පහළ දමයි

wedivistara

යූරියා මිල අඩුකෙරේ

wedivistara

IMF පළමු වාරිකය අද ශ්‍රී ලංකාවට

wedivistara

රජයේ සේවකයින්ට සැප්තැම්බර් මාසය වනවිට දීමනාවක් ලබාදෙනවා - සමන් රත්නප්‍රි​ය

wedivistara

ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ එහි ඉදිරි සැලසුම් සකස් කිරීමට විශේෂඥ කමිටුවක්


NEWS ALERT