Local

ආර්ථිකය 3.1% කින් තවදුරටත් හැකිළෙයි - ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව

Monday, 18 September 2023 - 2:27 pm

පසුගිය වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව මෙම වසරේ දෙවැනි කාර්තුවේදී මෙරට ආර්ථිකය 3.1%කින් සංකෝචනය වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

2022 දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,680,074 ක් වූ අතර, මෙම වස​රේ දෙවැනි කාර්තුවේදී එය රුපියල් මිලියන 2,597,441 ක් දක්වා අඩුවී ඇති බවයි ඔවුන් නිවේදනය කරන්නේ.

මෙම කාර්තුව තුළ කෘෂිකර්ම කටයුතු 3.6% කින් ප්‍රසාරණය වී ඇති අතර කාර්මික කටයුතු 11.5% කින් හා සේවා කටයුතු 0.8% කින් හැකිළී ඇති බවද, ඉහළ පොලී අනුපාත හේතුවෙන් කෙටි කාලීන සහ දිගුකාලීන ආයෝජන මත ඇති වූ පීඩන ඊට බලපා ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

සාමාන්‍ය ජනතාවගේ සැබෑ ආදායම අඩුවීම තුළින් ඇති වන පීඩනය හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ පරිභෝජන රටාව ප්‍රධාන වශයෙන් පාරිභෝගික භාණ්ඩ පරිභෝජනයට පමණක් සීමා වී ඇති බව නිරීක්ෂණය වන බවද අදාළ වාර්තාවේ දැක්වෙනවා.

news images


Top Stories
wedivistara

Asian Games : ශ්‍රී ලංකා මීටර් 400x4 සහය දිවීමේ කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

wedivistara

උසස් පෙළ පැවැත්වෙන දිනය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරනවා - අධ්‍යාපන ඇමති

wedivistara

Asian Games : තරුෂි සහ ගයන්තිකා මීටර් 800 අවසන් තරගයට

wedivistara

විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

TODAY: ලෝක අමද්‍යප දිනය අදයි

wedivistara

ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කරන පනත් දෙක සඳහාම එරෙහි විය යුතුයි - සාලිය පීරිස්

Trending
wedivistara

ස්ත්‍රී – පුරුෂ සමාජභාවය මත පදනම්ව වූ හිංසනවලින් 60%ක් ම ෆේස්බුක් එකෙන්

wedivistara

සියලුම ශ්‍රමිකයින් ආවරණය වන පුලුල් ජාතික සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක්

wedivistara

“බර්ලින් ග්ලෝබල්” සමුළුවට සහභාගිවීම සඳහා ජනපති ජර්මනියට

wedivistara

ධනුෂ්ක ගුණතිලක නිවැරදිකරු බවට තීන්දු කෙරේ

wedivistara

තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා ශ්‍රී ලංකාවේ අදහස් ඉදිරිපත් කිරීමට ලැබෙන ස්වර්ණමය අවස්ථාවක්

wedivistara

ICC CWC 2023 : ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි


NEWS ALERT