Entertainment

ටවර් හෝල් රඟහල පදනමේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන් සඳහා විදේශ සංචාරයක්

Thursday, 30 March 2023 - 12:00 pm

ටවර් හෝල් රඟහල පදනමේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන් සඳහා විදේශ රටවල් හී වේදීකා නාට්‍ය හා ඒ ආශ්‍රීත අනෙකුත් කාර්යයන් හා පාඨමාලාවන් සිදු කෙරෙන අයුරු අධ්‍යයන කිරීම සඳහා විදේශ සංචාරයක් ලබා දීමට කටයුතු සුදානම් කරන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (27) පැවැසීය.
 
ලෝක නාට්‍ය දින සැමරුම් උලෙළට සමගාමීව ටවර් හෝල් රඟහල පදනම මඟින් සංවිධානය කරන ලද මරදාන එල්.ෆින්ස්ටන් රඟහලේදී පැවැති නාට්‍ය දින සැමරුම් උත්වයකට සහභාගී වෙමින් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මේ බව සඳහන් කළේ ය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙසේ පැවැසී ය.
 
ටවර් හෝල් රඟහල පදනම මීට වඩා මිනිසුන් හා සමීප විය යුතුයි.එය සිදුවිය යුත්තේ දරුවන් හා සම්බන්ධ වුණොත් පමණයි.අපේ රටේ මීළඟ නාට්‍යවේදීන් වන්නේ මේ දරු පරම්පරාවයි.නාට්‍ය පාසල් කොළඹට හා යාපනයට පමණක් සීමා නොවිය යුතුයි.නුවර එළිය,මඩකළපුව හා දකුණු පළාත වෙතත් නාට්‍ය පාසල් ආරම්භ කිරීම සඳහාත් මේ වන විට අප අවධානය යොමු කර තිබෙනවා.
 
ටවර් රඟහල පදනම හා සම්බන්ධ වී  දිවයින පුරා තෝරා ගත් පාසල්වල  නාට්‍ය සංගම් හදන්න ඒ තුළින් දරුවන්ගේ හැකියා දක්ෂතා ඔප් නංවා අනාගත නාට්‍යෙව්දීන් බිහිකිරීමට අවශ්‍ය වැඩ පිළිවෙලක් ද ආරම්භ කිරීමට කටයුතු සිදු කරන බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.
 


Top Stories
wedivistara

ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට නව ගිවිසුමකට අත්සන් තැබේ

wedivistara

අවම ඉන්ධන තොග පවත්වාගෙන ගොස් ඇත්තේ පිරවුම්හල් 423 ක් පමණයි

wedivistara

සහනදායි මූල්‍ය සහාය ලබාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවට ප්‍රවේශවීමට ශ්‍රී ලංකාව නැවතත් සුදුසුකම් ලබයි

wedivistara

අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු වෙයි

wedivistara

“රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය” කෘතියේ තෙවන මුද්‍රණය ජනපතිට පිළිගන්වයි

wedivistara

කළුතරට නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

Trending
wedivistara

ජනපතිවරණයකට සූදානමක් ?

wedivistara

ජනතාවට අවශ්‍ය ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමයි – ජාතික නීතිඥ සමුළුව අමතමින් ජනපති පවසයි

wedivistara

මෙරට රියදුරු බලපත්‍රයට ඉතාලියේ කඩිනම් අවසරය ?

wedivistara

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවනවා - ජනපති

wedivistara

මෙරට තුළ සිදු කෙරෙන ආහාර ප්‍රචාරණයට නව නීති

wedivistara

කර්මාන්ත ශාලාවේ මුද්‍රණ යන්ත්‍රයක හිස ගැටී තරුණයා ජීවිතක්ෂයට - හදිසි සංඥා දමා තිබූ යන්ත්‍රය ක්‍රියාත්මක කරලා


NEWS ALERT