Sports

LPL ක්‍රීඩක වෙන්දේසිය ජුනි 11 පැවැත්වෙයි

Tuesday, 23 May 2023 - 5:43 pm

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසිය ජුනි 11 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ක්‍රීඩකයින් මිලදී ගැනීම සදහා එක් කණ්ඩායමකට අමෙරිකානු ඩොලර් මිලියනයක පමණ මුදලක් වියදම් කළ හැකි බවයි තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩංවෙල සඳහන් කළේ.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සෘජුව කණ්ඩායම් සමඟ ගිවිසුම්ගත වූ ක්‍රීඩකයන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව Babar Azam, මතීෂ පතිරණ, චාමික කරුණාරත්න Colombo Strikes කණ්ඩායම සමඟ සෘජුව ගිවිසුම්ගත වී ඇති අතර David Miller, තිසර පෙරේරා, මහීෂ් තීක්ෂණ Jaffna Kings කණ්ඩායම සමඟ ගිවිසුම්ගතව තිබෙනවා.
එසේම Matthew Wade, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු Dambulla Aura කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී ඇති අතර Tabraiz Shamsi, වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස් Kandy Falcons සමඟ ගිවිසුම්ගතව ඇති බවයි සඳහන් වන්නේ.
Shakib Al Hasan, දසුන් ශානක, භානුක රාජපක්ෂ Galle Gladiators සමඟ ගිවිසුම්ගතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


Top Stories
wedivistara

ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට නව ගිවිසුමකට අත්සන් තැබේ

wedivistara

අවම ඉන්ධන තොග පවත්වාගෙන ගොස් ඇත්තේ පිරවුම්හල් 423 ක් පමණයි

wedivistara

සහනදායි මූල්‍ය සහාය ලබාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවට ප්‍රවේශවීමට ශ්‍රී ලංකාව නැවතත් සුදුසුකම් ලබයි

wedivistara

අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු වෙයි

wedivistara

“රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය” කෘතියේ තෙවන මුද්‍රණය ජනපතිට පිළිගන්වයි

wedivistara

කළුතරට නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

Trending
wedivistara

ජනපතිවරණයකට සූදානමක් ?

wedivistara

ජනතාවට අවශ්‍ය ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමයි – ජාතික නීතිඥ සමුළුව අමතමින් ජනපති පවසයි

wedivistara

මෙරට රියදුරු බලපත්‍රයට ඉතාලියේ කඩිනම් අවසරය ?

wedivistara

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවනවා - ජනපති

wedivistara

මෙරට තුළ සිදු කෙරෙන ආහාර ප්‍රචාරණයට නව නීති

wedivistara

කර්මාන්ත ශාලාවේ මුද්‍රණ යන්ත්‍රයක හිස ගැටී තරුණයා ජීවිතක්ෂයට - හදිසි සංඥා දමා තිබූ යන්ත්‍රය ක්‍රියාත්මක කරලා


NEWS ALERT