ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (29) සුළු වැඩිවීමක් සිදුව තිබෙනවා. අද ඩොලරයක ගැනුම් මිල රු.315.70 ක් ලෙස හා විකුණුම් මිල රු.333.49 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇති අතර, ඊයේ දිනයට සාපේක්ෂව විකුණුම් මිලෙහි වැඩි වීම සත 62 ක්. මහ බැංකු වාර්තා අනුව පසුගිය දිනවල ඩොලරයේ මිල වෙනස් වූ ආකාරය පහතින්.