Local

ලංකා බැංකුවේ අත හිත ලැබුණු සෙනාරෝ මෝටර් කම්පැනි සිය පළමු නිෂ්පාදනය ජනපති වෙත භාරදෙයි

Wednesday, 15 March 2023 - 8:41 pm

අපනයන ආර්ථිකයක් කරා යාමේ රජයේ වැඩපිළිවෙළට දායක වෙමින් දේශීය ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් නගාසිටුවීමට ලංකා බැංකුව දියත් කර ඇති වැඩසටහන යටතේ මෙරට සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කල සෙනාරෝ මොටර් කම්පැනි පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කළ නවතම මෝටර් සයිකල් කිහිපයක් ජනාධිපති කාර්යාලය වෙත පරිත්‍යාග කිරීම අද (15) පෙරවරුවේ සිදු විය.

සෙනාරෝ මෝටර් කම්පැනි කළමනාකරණ අධ්‍යක්ෂ රොෂාන වඩුගේ මහතා විසින් ඊට අදාළ යතුරු සහ ලිපි ලේඛන මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් පිළිගැන්වීය.

කර්මාන්ත අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳව සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) ට අනුව මෙම නිෂ්පාදන කටයුතු සිදු කර තිබේ.

ලංකා බැංකුවේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් සෙනාරෝ මෝටර් කම්පැනි පුද්ගලික සමාගම රුපියල් බිලියන 1.5ක ආයෝජනයකින් යුතුව යක්කල ප්‍රදේශයේ ඉදිකරන ලද නවතම එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව තුලින් මුලික අදියරේදී දේශීයව නිපදවන අමතර කොටස් මගින් 35% අගයදාම එකතු කිරීමක් සමගින් මෙම SENARO GN 125 මෝටර් සයිකලය නිෂ්පාදනය කරයි. එම අගය එකතුකිරීම ඉතා ඉක්මණින් 50% දක්වා ඉහළ නංවා ගැනීම සමාගමේ අපේක්ෂාව වන අතර මෙම ව්‍යාපෘතිය හරහා සෘජු රැකියා 160 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වීම ද සිදු වෙයි.

ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා, මහා කළමනාකරු රසල් ෆොන්සේකා, නියෝජ්‍ය මහා කළමනාකරු රෝහණ කුමාර, සෙනාරෝ මොටර් කම්පැනි පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මොහාන් සෝමචන්ද්‍ර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාවයි – සාගල රත්නායක

wedivistara

බලශක්ති ක්ෂේත්‍රයේ හරිත ආයෝජන බළමුළු ගැන්වීමට ශ්‍රී ලංකාව සූදානම් – දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන

wedivistara

අද ඩොලරයේ විකුණුම් මිල රු.333 යි

wedivistara

ඇතැම් පිරවුම්හල් අප්‍රේල් මස මිල සංශෝධන අපේක්ෂාවෙන් ඉන්ධන ඇනවුම් කර නැහැ - කංචන

wedivistara

අවම බස් ගාස්තුව රුපියල් 04 කින් පහතට

wedivistara

IOC ඉන්ධන මිල පහලට

Trending
wedivistara

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී නුදුරේදීම සම්මත කරනවා

wedivistara

සතොස භාණ්ඩ වර්ග 10 ක මිල පහළ දමයි

wedivistara

යූරියා මිල අඩුකෙරේ

wedivistara

IMF පළමු වාරිකය අද ශ්‍රී ලංකාවට

wedivistara

රජයේ සේවකයින්ට සැප්තැම්බර් මාසය වනවිට දීමනාවක් ලබාදෙනවා - සමන් රත්නප්‍රි​ය

wedivistara

ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ එහි ඉදිරි සැලසුම් සකස් කිරීමට විශේෂඥ කමිටුවක්


NEWS ALERT