2022 වර්ෂයේ මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ 7.8% ක අගයක් ලෙස ඇස්තමේන්තමේන්තු කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. 2022 වසරේ සිව්වන කාර්තුවේ ආර්ථික වර්ධනය සෘණ 12.4% ක අගයක් වාර්තා කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. 2022 වසරේදී ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් ත්‍රිත්වය වන කෘෂිකර්මාන්තය, කර්මාන්ත කටයුතු හා සේවා ආර්ථික කටයුතු යන අංශ තුනේම සෘණ වර්ධන වේගයන් වාර්තා කර තිබෙන අතර කෘෂිකර්මාන්තය 4.6% ක්, කර්මාන්ත 16% ක් සහ සේවා ක්‍රියාකාරකම් 2% ක ප්‍රතිශතයකින් පහළ ගොස් තිබෙනවා.