හෙට (15) දින පැවැත්වෙන වැඩ වර්ජනයට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය සහභාගී නොවන බව එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ලංකාදීපයට පැවැසීය.
ජනතාව කබලෙන් ලිපට ඇද දාන මෙම වැඩවර්ජනය හෙළා දකින බවද ඔහු සඳහන් කළේය.
රටේ ආර්ථික අර්බුදයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ඇතැම් ප්‍රධානීන් වගකිව යුතු බවත් අද ඒ අය සමග එකතුවී වැඩ වර්ජන ක්‍රියාමාර්ග වලට යෑම තනිකරම විහිළුවක් බවත් බෙල්ලන මහතා පැවසුවේය.
මෙම වැඩවර්ජනය පිටුපස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ප්‍රධානීන්ගේ සෙවණැලි ක්‍රියාත්මක වන බවද හෙතෙම පැවසීය.
හරිනම් කරපු වින්නැහියට ඒ අයගෙන් වැඩි බදු අය කළ යුතු බව පැවසූ සභාපතිවරයා ජනතාව පීඩාවට පත් කරන වැඩ වර්ජන ක්‍රියා මාර්ගයෙන් ඉවත් වන්නැයි සියලු වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.