ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2022 පෙබරවාරි 24 සිට යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළ දවසේ සිට යුක්‍රේනය තුළ රුසියාව විසින් අපරාධ සිදුකර ඇති බවට එම අධිකරණය විසින් චෝදනා කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම වරෙන්තුව රුසියාව විසින් ප්‍රතික්ෂේප කර ඇති නමුත්, අදාළ වරෙන්තු නිකුත් කිරීම හරහා රුසියානු ජනාධිපතිවරයාට විදේශ සංචාරයන්වල නිරත වීමට නොහැකි වීම වැනි බලපෑම් එල්ලවිය හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.