Local

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

Friday, 26 May 2023 - 9:46 am

කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ රන්දොඹේ ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු වෙඩි තබා තිබේ.
තුවාල ලැබූ නියෝජ්‍ය විදුහල්පතිවරයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණි.
මේ අතර අම්බලන්ගොඩ වතුගෙදර ආදාදොළ විහාරස්ථානය අසළ මාර්ගයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ.
මංගල උත්සවයකට සහභාගී වීම සඳහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අයෙකුට ඊයේ(25) රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා යතුරුපැදිය දමා පළා ගොස් තිබේ.
එම යතුරුපැදියේ කුඩා දරුවෙකුද ගමන් කර ඇති අතර දෙදෙනාම වෙඩි ප්‍රහාරවලින් බේරී ඇති බව සඳහන් වේ.
වෙඩි තැබීම සිදුකළ බව කියන පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් තිබේ. සැකකරු මනුෂ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප ලැබූ අයෙකි.
මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.


Top Stories
wedivistara

ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට නව ගිවිසුමකට අත්සන් තැබේ

wedivistara

අවම ඉන්ධන තොග පවත්වාගෙන ගොස් ඇත්තේ පිරවුම්හල් 423 ක් පමණයි

wedivistara

සහනදායි මූල්‍ය සහාය ලබාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවට ප්‍රවේශවීමට ශ්‍රී ලංකාව නැවතත් සුදුසුකම් ලබයි

wedivistara

අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු වෙයි

wedivistara

“රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය” කෘතියේ තෙවන මුද්‍රණය ජනපතිට පිළිගන්වයි

wedivistara

කළුතරට නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

Trending
wedivistara

ජනපතිවරණයකට සූදානමක් ?

wedivistara

ජනතාවට අවශ්‍ය ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමයි – ජාතික නීතිඥ සමුළුව අමතමින් ජනපති පවසයි

wedivistara

මෙරට රියදුරු බලපත්‍රයට ඉතාලියේ කඩිනම් අවසරය ?

wedivistara

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවනවා - ජනපති

wedivistara

මෙරට තුළ සිදු කෙරෙන ආහාර ප්‍රචාරණයට නව නීති

wedivistara

කර්මාන්ත ශාලාවේ මුද්‍රණ යන්ත්‍රයක හිස ගැටී තරුණයා ජීවිතක්ෂයට - හදිසි සංඥා දමා තිබූ යන්ත්‍රය ක්‍රියාත්මක කරලා


NEWS ALERT