මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මුහයිඩ්න් යසීන් දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොවිඩ් වසංගත සමයේ ගිවිසුම් සඳහා කොන්ත්‍රාත්කරුවන් ඔහුගේ පක්ෂයේ ගිණුම්වලට මුදල් තැන්පත් කර ඇති බවට ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා. මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මුහයිඩ්න් යසීන් පවසන්නේ, තමා දූෂණයට වැරදිකරු නොවන බවත් ඔහුට එරෙහි චෝදනා දේශපාලනික වශයෙන් එල්ල කර ඇති බවයි.