Local

එදා විනිමය අනුපාතය ස්වාධීනව තීරණය කරන්න ඉඩ දුන්නා නම් අද මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නෑ - මහ බැංකු අධිපති

Friday, 17 March 2023 - 8:56 pm

පොලී අනුපාතය සහ විනිමය අනුපාතය ස්වාධීනව තීරණය කිරීමට මහ බැංකුවට අවස්ථාව ලැබිය යුතු බව මේ වන විට ප්‍රයෝගිකව ඔප්පු වී ඇති බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත වෙනස් කිරීමට බලපෑ ප්‍රධාන හේතුව ද විනිමය අනුපාත පිළිබඳ ස්වාධීනව තීරණ ගැනීමේ අවශ්‍යතාවය බව දේශනයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා. පොලී අනුපාතය සහ විනිමය අනුපාතය සම්බන්ධයෙන් වන තීරණය ගත යුත්තේ දේශපාලනඥයින් නොවන බවද, එම තීරණය ජනතාව විසින් පත් කළ පිරිස් ගැනීමට කටයුතු කළහොත් ඔවුන්ට ගැනීමට සිදුවන්නේ නිවැරදි තීරණය නොව ජනප්‍රිය තීරණය බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නා. 2020 / 2021 වසරවල රජයේ බලපෑම මත බිලියන 6 ක සංචිතයන් බින්දුවට වැටෙන තෙක් විනිමය අනුපාතිකය රු. 203 අගයක පවත්වාගෙන ගිය බවද, පසුව එය අතහැර දැමූ බවද, ඉන් පසු මෙරට ආර්ථිකයට සිදුවූ බලපෑම සියලුදෙනාට දැකගත හැකිවූ බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා. එහිදී ද විනිමය අනුපාතය ස්වාධීනව තීරණය කිරීමට කටයුතු කළේ නම් රට අද මෙවැනි තත්ත්වයකට පත් නොවන බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

wedivistara

පෙනහළු සහ හෘදය එකම රෝගියෙකුට බද්ධ කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිදුවූ සුවිශේෂී දෙයක් - ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ

wedivistara

ගොවිජන සේවා මධ්‍යස්ථාන 565 මගින් පොහොර බෙදා හැරීම ක්‍රියාත්මකයි - ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්

wedivistara

කුමන අභියෝග මැද වුවද නිදහස් සෞඛ්‍ය සේවාව ඉදිරියටත් පවත්වාගෙන යා යුතුයි

wedivistara

ත්‍රීරෝද රථ ගාස්තු අඩු වෙයි

wedivistara

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාවයි – සාගල රත්නායක

Trending
wedivistara

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී නුදුරේදීම සම්මත කරනවා

wedivistara

සතොස භාණ්ඩ වර්ග 10 ක මිල පහළ දමයි

wedivistara

යූරියා මිල අඩුකෙරේ

wedivistara

රජයේ සේවකයින්ට සැප්තැම්බර් මාසය වනවිට දීමනාවක් ලබාදෙනවා - සමන් රත්නප්‍රි​ය

wedivistara

IMF පළමු වාරිකය අද ශ්‍රී ලංකාවට

wedivistara

ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ එහි ඉදිරි සැලසුම් සකස් කිරීමට විශේෂඥ කමිටුවක්


NEWS ALERT