තුර්කි-සිරියා දේශසීමාවේ රික්ටර් මාපකයේ 6.4 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. භූ කම්පනය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තුර්කියේ සහ සිරියාවේ 680 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. පෙබරවාරි 6 වැනිදා එම ප්‍රදේශයටම රිච්ටර් මාපකයේ 7.8 ක භූමිකම්පාවක් ඇති වූ අතර, එම භූ කම්පනය හේතුවෙන් 44,000 කට වැඩි පිරිසක් මියගියා.