Local

පෙනහළු සහ හෘදය එකම රෝගියෙකුට බද්ධ කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිදුවූ සුවිශේෂී දෙයක් - ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ

Wednesday, 29 March 2023 - 3:50 pm

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පෙනහළු සහ හෘදයයන අවයව 02ම එකවර රෝගියෙකුට බද්ධ කර ඇති බවද මෙය කොළඹ ජාතික රෝහලේ මෙන්ම ශ්‍රී ලංකාවේ සිදුවූ සුවිශේෂී සිදුවීමක් බවද ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ, අද (29) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

මෙය මීට පෙර ශ්‍රී ලංකාවේ සිදු නොවුණු අලුත් දෙයක් බව කියා සිටි විශේෂඥ වෛද්‍යවරයා පසුගිය 23 වනදා මෙම ශල්‍යකර්මය සිදුකළ බවද සිහිපත් කළේය. දැනට දින 06කට පෙර සිදුකළ මෙම ශල්‍යකර්මය සඳහා 2021 වසරේ සිට සූදානම් වුණු බවද පැවසුවේය.

ශල්‍යකර්මයට ලක්වුණු මෙම රෝගියා සුවකළ නොහැකි පෙනහළු රෝගී තත්ත්වයකින් පසුවුණු බවද ඔහුව සුවකළ හැකි එකම ක්‍රමය වූයේ රෝගියාට වෙනත් අවයව බද්ධ කිරීම පමණක් බවද විශේෂඥ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

පෙනහළු බද්ධ කිරීම දිගටම පවත්වාගෙන යාමේදී හෘදය වස්තුව දුර්වල විය හැකි බැවින් හෘදය සහ පෙනහළු යන 02ම බද්ධ කිරීමට අවශ්‍ය වූ බවද ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. රෝගියා ඔක්සිජන් සමග දිගමට සිටි බවද ඔහුව රෝහල්ගත කිරීමෙන් පසුව ඔහුට සුදුසු අවයවයක් ලබාගත හැකි රෝගියෙකු පිළිබඳව අවධානයෙන් පසුවුණු බවද සිහිපත් කළේය.

මින් පෙර මෙවැනි ශල්‍යකර්මයක් මෙරට සිදුකර නොමැති බැවින් පැවති විශේෂඥ දැනුම අල්ප වූ බැවින් ඒ සම්බන්ධ දැනුමක් ඇති රෝහලක් සමග සම්බන්ධ වීම සඳහා ඉන්දියාවේ එම් ජී එම් රෝහල සමග සම්බන්ධ වුණු බවද කියා සිටියේය.

එම රෝහලේ වෛද්‍යවරුන් මෙරටට පැමිණ රෝගියා පරීක්ෂා කර බලා ශල්‍යකර්මය සිදුකිරීමට අවැසි අවශ්‍යතා දැනුම්දුන් බවද ඔහු කීවේය. ප්‍රතිපත්තිමය තීරණයක් වශයෙන් මෙය සිදුකළ යුතු නිසා සෞඛ්‍ය ඇමතිතුමා හමුවී ප්‍රතිපත්තිමය වශයෙන් සාකච්ඡා කර කොළඹ ජාතික රෝහලේ මෙම ශල්‍යකර්මය සිදුකිරීමට තීරණය කළ බවද සඳහන් කළේය.

මෙම ශල්‍යකර්මය සාර්ථකව සිදුකරගැනීමට වෛද්‍ය නිලධාරීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය සිදුකළ සුවිශේෂී මෙහෙය මෙන්ම කණ්ඩායම් හැඟීමෙන් ඉතා කැපවීමෙන් අවසානය තෙක් සිදුකළ දායකත්වයද අගය කළ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් ලබාදුන් මොළය මියගිය දියණියගේ අවයවය ශල්‍යකර්මය සඳහා ගැලපුණු බවද පැවසුවේය.

රෝගියා තවමත් දැඩිසත්කාර ඒකකයේ තවමත් තරමක් අමාරු තත්ත්වයේ පසුවන අතර ටිකෙන් ටික ඔහු යථා තත්ත්වයට පත්වන බවද ඉදිරි දින කිහිපය තුළ රෝගියා සාමාන්‍ය තත්ත්වයට හැකි වෙතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

ඉදිරියටත් සාර්ථක ලෙස මෙවැනි ශල්‍යකර්ම රට තුළ සිදුකිරීමට බලාපොරොත්තු වන බවද ඔහු අවධාරණය කළේය.


Top Stories
wedivistara

ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට නව ගිවිසුමකට අත්සන් තැබේ

wedivistara

අවම ඉන්ධන තොග පවත්වාගෙන ගොස් ඇත්තේ පිරවුම්හල් 423 ක් පමණයි

wedivistara

සහනදායි මූල්‍ය සහාය ලබාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවට ප්‍රවේශවීමට ශ්‍රී ලංකාව නැවතත් සුදුසුකම් ලබයි

wedivistara

අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු වෙයි

wedivistara

“රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය” කෘතියේ තෙවන මුද්‍රණය ජනපතිට පිළිගන්වයි

wedivistara

කළුතරට නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

Trending
wedivistara

ජනපතිවරණයකට සූදානමක් ?

wedivistara

ජනතාවට අවශ්‍ය ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමයි – ජාතික නීතිඥ සමුළුව අමතමින් ජනපති පවසයි

wedivistara

මෙරට රියදුරු බලපත්‍රයට ඉතාලියේ කඩිනම් අවසරය ?

wedivistara

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවනවා - ජනපති

wedivistara

මෙරට තුළ සිදු කෙරෙන ආහාර ප්‍රචාරණයට නව නීති

wedivistara

කර්මාන්ත ශාලාවේ මුද්‍රණ යන්ත්‍රයක හිස ගැටී තරුණයා ජීවිතක්ෂයට - හදිසි සංඥා දමා තිබූ යන්ත්‍රය ක්‍රියාත්මක කරලා


NEWS ALERT