නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද (17) නවවන දිනටත් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වනවා. තම ඉල්ලීම් සම්බන්ධයෙන් රජය ලබාදුන් ප්‍රතිචාර පිළිගත නොහැකි බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසන්නේ. ඒ අනුව පිළිගත හැකි විසඳුමක් ලැබෙනතුරු මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.