ලංකා IOC සමාගමද අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් හා සමානව සිය මිල ගණන් අඩු කරන බවයි ලංකා IOC සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.
* පෙට්‍රල් 92 - රු.60 කින් (නව මිල රු.340)
* පෙට්‍රල් 95 - රු.135 කින් (නව මිල රු.375)
* ඔටෝ ඩීසල් - රු.80 කින් (නව මිල රු.325)
* සුපර් ඩීසල් - රු.45 කින් (නව මිල රු.465)
* භූමිතෙල් - රු.10 කින් (නව මිල රු.295)