Business

ශ්‍රී ලංකාවේ IT ව්‍යාපාරයන්ට ICTA වෙතින් අවස්ථා රැසක්

Wednesday, 17 May 2023 - 7:32 pm

මෙරට තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ උපාංග සහ සේවාවන් අන්තර්ජාතික වෙළෙඳපොළට යොමු කිරීමේ අරමුණෙන් සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවන් ලියාපදිංචි කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ තාක්ෂණ කර්මාන්ත සංවර්ධන අංශය යටතේ ක්‍රියාත්මක වනAIMs(Access Inte ational Markets)ජාතික වැඩසටහන ඔස්සේ ලියාපදිංචි වනදේශීය තොරතුරු තාක්ෂණ සමාගම් අන්තර්ජාතික සබඳතා උපයෝගී කර ගනිමින් ජාත්‍යන්තර වෙ‍ළෙඳපොළ කරා රැගෙන යාමට කටයුතු කෙරේ.
ඉකුත් මාස හය ඇතුළත මෙසේ ලියාපදිංචිවී සිටින කර්මාන්තකරුවන් ගණන සියයකට අධික වේ.
තොරතුරු තාක්ෂණ කර්මාන්තකරුවන් වෙනුවෙන් දේශීයහා ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු ආදියට සහභාගි වීමට මෙන්ම විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ සම්බන්ධ කර ගනිමින් ජාත්‍යන්තර වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කර ගැනීම සඳහා අවකාශ සලසා දී ඇත.
AIMs ජාතික වැඩසටහනයටතේසුළුහා මධ්‍ය පරිමාණ තොරතුරු තාක්ෂණ කර්මාන්තකරුවන් 50කට අධික පිරිසකට විවිධ සහන ලබා දී ඇත.
ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන විදෙස් තානාපති කාර්යාල මහකොමසාරිස් කාර්යාල ඇතුළු ද්විපාර්ශ්වික වාණිජ මණ්ඩල ආදී රාජ්‍ය ආයතනවල සහාය ඇතිව AIMs ජාතික වැඩසටහන බලගන්වා ඇත.
ශ්‍රී ලංකාව2024 වසර වන විට තොරතුරු තාක්ෂණ කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් උපයා ගැනීමට අපේක්ෂා කරයි.
වාණිජ දෙපාර්තමේන්තුවේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේද සහයෝගය මේ සඳහා ලැබී තිබේ.
charithk@icta.lkඉ-මේල් ලිපිනය ඔස්සේ ඇමතීමෙන් AIMs ජාතික වැඩසටහන පිළිබඳ වැඩිදුර විස්තර දැනගත හැකිය.


Top Stories
wedivistara

ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට නව ගිවිසුමකට අත්සන් තැබේ

wedivistara

අවම ඉන්ධන තොග පවත්වාගෙන ගොස් ඇත්තේ පිරවුම්හල් 423 ක් පමණයි

wedivistara

සහනදායි මූල්‍ය සහාය ලබාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවට ප්‍රවේශවීමට ශ්‍රී ලංකාව නැවතත් සුදුසුකම් ලබයි

wedivistara

අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු වෙයි

wedivistara

“රනිල් වික්‍රමසිංහ දේශපාලන චරිතාපදානය” කෘතියේ තෙවන මුද්‍රණය ජනපතිට පිළිගන්වයි

wedivistara

කළුතරට නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

Trending
wedivistara

ජනපතිවරණයකට සූදානමක් ?

wedivistara

ජනතාවට අවශ්‍ය ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමයි – ජාතික නීතිඥ සමුළුව අමතමින් ජනපති පවසයි

wedivistara

මෙරට රියදුරු බලපත්‍රයට ඉතාලියේ කඩිනම් අවසරය ?

wedivistara

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවනවා - ජනපති

wedivistara

මෙරට තුළ සිදු කෙරෙන ආහාර ප්‍රචාරණයට නව නීති

wedivistara

කර්මාන්ත ශාලාවේ මුද්‍රණ යන්ත්‍රයක හිස ගැටී තරුණයා ජීවිතක්ෂයට - හදිසි සංඥා දමා තිබූ යන්ත්‍රය ක්‍රියාත්මක කරලා


NEWS ALERT