Local
කර්මාන්ත ශාලාවේ මුද්‍රණ යන්ත්‍රයක හිස ගැටී තරුණයා ජීවිතක්ෂයට - හදිසි සංඥා දමා තිබූ යන්ත්‍රය ක්‍රියාත්මක කරලා
Saturday, 03 June 2023 - 4:04 pm
අද (03) අලුයම, වස්කඩුව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක තිබූ මුද්‍රණ යන්ත්‍රයක හිස ගැටී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජිවිතක්ෂයට පත් විය.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 21ක් වන මාතර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
තරුණයා වස්කඩුව, පොකුණවත්ත පාරේ පිහිටි එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ මුද්‍රණ යන්ත්‍රය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිට ඇති අතර හදිසි සංඥා දමා නවතා තිබූ යන්ත්‍රය වෙනත් සේවකයෙකු විසින් හදිසියේ පැමිණ යන්ත්‍රය ක්‍රියාත්මක කර ඇති බව එහි සේවකයින් පවසයි.
යන්ත්‍රය ක්‍රියාත්මක කළ තැනැත්තා යන්ත්‍රය ක්‍රියාත්මක කර එම ස්ථානයෙන් දිවගොස් ඇති බවද එහි සේවකයින් පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.