Sports
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
Wednesday, 24 May 2023 - 11:58 am
ක්‍රීඩකයන් සහ නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම , ශ්‍රී ලංකාවේ එක් දින තරග තුනකින් යුතු තරගාවලියක් සදහා තරග කිරීමට ඊයේ 23 රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .
මෙම තරග සියල්ල හම්බන්තොට , සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර , එහි පළමු එක් දින තරගය එළඹෙන 06/02 දින පැවැත්වීමට නියමිතය .
මෙම ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම 05/23 දින රාත්‍රී 09.52 ට ඩුබායි සිට , එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ලෝක ශූරතා තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගී වීමට පෙර පවත්වනු ලබන අවසාන එක් දින ක්‍රිකට් තරගාවලිය මෙය වේ .
මෙම ක්‍රීඩකයන් පිරිස කටුනායක ගුවන් තොටුපළේ සිට කොළඹ බලා රැගෙන යාමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබුණි .