Local
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සහ ජාතික ජන බලවේගය අතර හමුවක්
Wednesday, 29 March 2023 - 4:04 pm
ජාත්යන්තර ක්ෂමා සංවිධානයේ (Amnesty Inte ational) දකුණු ආසියානු කලාපීය අධ්යක්ෂ යමිනි මිශ්රා, ජ්යෙෂ්ඨ අධ්යක්ෂ ඩෙප්රොස් මුචෙනා, රෙහාබ් මහමූර්, ත්යාගි රුවන්පතිරණ, බාබුරාම් පාන්ට් ඇතුළු නියෝජිත පිරිසක් අද (29) දින ජවිපෙ ප්රධාන කාර්යාලයේදී ජාතික ජනබලවේගයේ නියෝජිතයන් පිරිසක් හමු වුනා. එම අවස්ථාවට ජාතික විධායක සභික විජිත හේරත්, ජාතික විධායක සභික නීතීඥ හර්ෂණ නානායක්කාර සහ ජාතික විධායක සභික මුදිත නානායක්කාර යන අය ද සහභාගි වුනා.
මෙහිදී ජාත්යන්තර ක්ෂමා සංවිධානයේ නියෝජිතයින් විසින් එම සංවිධානයේ 2022 වාර්ෂික වාර්තාවේ ශ්රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ වාර්තාව ජාතික ජන බලවේගයේ අවධානය යොමු කරන ලද අතර ඒ වෙනුවෙන් ඔවුන් වෙත ජාතික ජන බලවේගයේ ස්තූතිය පළ විය.
වත්මන් ආණ්ඩුව විසින් බලාත්මක කිරීමට සූදානම් වන නව ත්රස්ත විරෝධී පනත, අධිකරණ තීන්දු නොසලකා හැරීම, උද්ඝෝෂණයන්ට එරෙහිව තහනම් රසායනික අඩංගු කඳුළු ගෑස් භාවිත කිරීම ඇතුළු ආණ්ඩුවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව ජාතික ජනබලවේගයේ නියෝජිතයින් විසින් මෙම නියෝජිත පිරිසට කරුණු දක්වන ලදී.