Local

මෙරට රියදුරු බලපත්‍රයට ඉතාලියේ කඩිනම් අවසරය ?

Sunday, 04 June 2023 - 1:26 pm

මෙරට රියදුරු බලපත්‍රයට ඉතාලියේ අවසරය ලබා දීමට ගත හැකි ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසට එරට ජීවත්වන ලාංකිකයන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර ඉතාලියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙරට රජය සහ ඉතාලි රජය අතර රියදුරු බලපත්‍ර පිළිගැනීම සඳහා වන ගිවිසුම් අලුත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු දෙරටේ රජයන් අතර ක්‍රියාත්මක කරමින් පවතින බවයි.
ඒ අනුව එම කටයුතු අවසන් වූ වහාම ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට එය දැනුම්දෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පවසන්නේ ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රයට ඉතාලිය තුළ අවසරය හිමි වුව හොත් විශාල ප්‍රමාණයෙන් විදේශ විනිමයක් මෙරටට ලබා දීමට ඔවුන්ට අවස්ථාව උදාවන බවයි.
ඒ අනුව අදාළ කටයුතු කඩිනමින් සිදු කර දෙන ලෙසටයි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා මනෙල්ලා මහත්මිය අතර ද පසුගියදා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණා.
අධිකරණ අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් එක් කරමින් සඳහන් කර තිබුණේ එහිදී ද මේ සම්බන්ධයෙන් අවධානයට ලක් වූ බවයි.


Top Stories
wedivistara

Asian Games : තරුෂි සහ ගයන්තිකා මීටර් 800 අවසන් තරගයට

wedivistara

විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

TODAY: ලෝක අමද්‍යප දිනය අදයි

wedivistara

ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කරන පනත් දෙක සඳහාම එරෙහි විය යුතුයි - සාලිය පීරිස්

wedivistara

ආණ්ඩුව දන්නවා ඔවුන් ගන්න කිසිම ක්‍රියාමාර්ගයකින් රටේ ප්‍රශ්න විසඳෙන්නෙ නෑ කියලා - හරිනි අමරසූරි​ය

wedivistara

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Trending
wedivistara

ස්ත්‍රී – පුරුෂ සමාජභාවය මත පදනම්ව වූ හිංසනවලින් 60%ක් ම ෆේස්බුක් එකෙන්

wedivistara

සියලුම ශ්‍රමිකයින් ආවරණය වන පුලුල් ජාතික සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක්

wedivistara

“බර්ලින් ග්ලෝබල්” සමුළුවට සහභාගිවීම සඳහා ජනපති ජර්මනියට

wedivistara

ධනුෂ්ක ගුණතිලක නිවැරදිකරු බවට තීන්දු කෙරේ

wedivistara

තිරසාර ප්‍රවාහන පද්ධතියක් සඳහා ශ්‍රී ලංකාවේ අදහස් ඉදිරිපත් කිරීමට ලැබෙන ස්වර්ණමය අවස්ථාවක්

wedivistara

ICC CWC 2023 : ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි


NEWS ALERT