Local

එඬේරමුල්ල නිවෙසක කෝටි 10ක මත් කරල් ගබඩාවක්

Monday, 05 February 2024 - 8:39 am

මසකට රු. 30,000ක කුලියක් ගෙවලා

දොස්තර නිර්දේශ මත නිකුත් කරන වේදනා නාශකයක්

ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධිව මෙරටට රැගෙන එන මත් කරල් රටපුරා බෙදා හරිනු ලබන ඡාවාරමකට සම්බන්ධ මහනුවර පදිංචි ව්‍යාපාරික වෙස්ගත් මහ මොළකරුවෙකු හඳුනාගත් පොලිස් විශේෂ කාර්ය බළකාය එම ඡාවාරම්කරුට අයත් රුපියල් කෝටි 10කට වැඩි මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

මත් කුඩු ලෝලීන් මත්වීමට යොදා ගන්නා මෙම කරල් වර්ගය වේදනා නාශක ඖෂධයක් ලෙස භාවිතා කරන වෛද්‍ය නිර්දේශමත පමණක් ඔසුහල්වලින් නිකුත් කිරීමට අවසරය ඇති ඖෂධයකි.

එඩේරමුල්ල පොලිස් වසමට අයත් වත්තල අප්පුගේ වත්ත ප්‍රදේශයේ නිවසක බෙදා හැරීම සඳහා මෙම මත්කරල් තොගය ගබඩාකර තිබී ඇත. මත්කරල් එක්ලක්ෂ අනූදෙදහසක් එහි පෙට්ටිවල බහා තිබුණු බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

මෙතරම් විශාල මත්කරල් ප්‍රමාණයක් මෑතකදී එකම ස්ථානයකදී අත්අඩංගුවට ගෙන නොතිබුණි. මෙය මෑතකදී අත්අඩංගුවටගත් විශාලතම මත්කරල් ප්‍රමාණය බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව බුද්ධි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් දීර්ඝ කාලයක් තිස්සේ කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වැටලීම කර ඇත්තේ විශේෂ කාර්ය බළකා සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ මෙහෙයවීම මතය.

ඉන්දියාවේ සිට බෝට්ටුවලින් මෙම මත්කරල් රැගෙන විත් ඇති බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ. එම මත්කරල් තොගය පසුව මන්නාරමේ සිට පුත්තලමට ගෙනවිත් එහි ටික දිනක් සඟවා තිබී ඇතැයිද විමර්ශන වලින් අනාවරණය වී ඇත. වත්තල රැගෙන විත් ඇත්තේ අනතුරුවය.

කොළඹ හා ඒ අවට ප්‍රදේශ ආශ්‍රිතව මෙම මත්කරල් බෙදා හරිනු ලබන්නේ වත්තල නිවසේ සිට බවද අනාවරණය වී තිබේ.

මෙම නිවසේ කාමරයක මෙම මත්කරල් තොගය ගොඩ ගසා තිබී ඇත. එම නිවස මාසයකට රුපියල් 30,000ක කුලියකට මෑතකදී ලබාගෙන ඇති බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ. මත්කරල් මෙහි ගබඩාකරගෙන බෙදා හරිනු ලබන්නේ බදුල්ල ස්ප්‍රිං වතුයායේ පදංචි 40 හැවිරිදි වියැති අයෙකි මෙම නිවසේ ඔහු රැඳී සිටින්නේ මව බිරිඳ දරුවා සහ සහෝදරයෙක් සමගිනි. මෙම සැකකරුව මෙහෙයවනු ලබන්නේ මහනුවර පදිංචි පුද්ගලයෙකු විසිනි.

ව්‍යාපාරික වෙස් ගෙන සිටින ඔහු කෝටිපතියෙකි. විශේෂ කාර්ය බළකාය විසින් වත්තලින් පසුගිය 02 වෙනිදා මෙම මත්කරල් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හෙළිවූ තොරතුරු මත මහනුවර සිටින ඡාවාරම්කරුගේ නිවස ද පෙරේදා වටලා තිබේ. විශේෂ කාර්ය බළකාය එහි යන විට ඔහු සිට ඇත්තේ පලාගොසිනි.

මෙම වේදනා නාශක ඖෂධය වෛද්‍ය නිර්දේශ මත ඔසුසල්වලින් නිකුත්කරනු ලබන්නේ රුපියල් 25ක් වැනි මුදලකටය. එහෙත් මත්කුඩු ලෝලීන් මෙකරල මත්වීමට ජාවාරම්කරුවන් අලෙවිකරනු ලබන්නේ රුපියල් 100-150ත් අතර මිලකටය.

වත්ලින් අත්අඩංගුවටගත් සැකකරු කුලී නිවාස මාරුකරමින් මෙම ඡාවාරමට සම්බන්ධව සිටින බවත් ඔහුට මෙසේ මත්කරල් බෙදා හැරීම වෙනුවෙන් මහනුවර ඡාවාරම්කරු විසින් රුපියල් 75,000ක මාසික වැටුපක් ගෙවන බවත් විමර්ශන වලින් හෙළිවී ඇත.

විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්. එම්. කේ. විජේසිංහ මහතාගේ මඟපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීමකර තිබේ.


Top Stories
wedivistara

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

wedivistara

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

wedivistara

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

wedivistara

SLIIT ආයතනය, යළි මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

wedivistara

ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

wedivistara

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්


NEWS ALERT