Local
ලබන වසර තුළ ජනාධිපතිවරණයක් - රුවන් විජයවර්ධන
Monday, 22 May 2023 - 11:52 am
ලබන වසර තුළ ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසනවා.
නිශ්චිතව දිනයක් ප්‍රකාශ කළ නොහැකි වුවද, ලබන වසරේ මාර්තු මාසය වන විට ජනාධිපතිවරණයක් පැමිණේවි යැයි අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.
එම ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සඳහා විශාල පිරිසක් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.