Sports
12 වන ආරක්‍ෂක සේවා පාපන්දු තරඟාවලියේ කාන්තා ශූරතාවය නාවික හමුදාවට
Wednesday, 24 May 2023 - 4:06 pm
12 වන ආරක්‍ෂක සේවා පාපන්දු තරඟාවලිය - 2023, ශ්‍රී ලංකා යුද හමුදාවේ සංවිධායකත්වයෙන් 2023 මැයි මස 03 වන දින සිට 22 වන දින දක්වා කොළඹ තුරඟ තරඟ පිටියේ දී සාර්ථකව පැවැත්වුණු අතර, එහිදී නාවික හමුදා කාන්තා පාපන්දු කණ්ඩායම සමස්ථ ශූරතාවය දිනාගත් අතර, නාවික හමුදා පිරිමි කණ්ඩායම අනුශූරතාවය දිනාගැනීමට සමත්විය.
ඒ අනුව, නාවික හමුදා කාන්තා පාපන්දු කණ්ඩයාම සහ යුද හමුදා කාන්තා පාපන්දු කණ්ඩායම අතර පැවති අවසන් මහා තරඟයෙන් ගෝල 02:00 ක් ලෙස තියුණු ජයක් හිමි කරගනිමින් සමස්ථ තරඟාවලියේ කාන්තා ශූරතාවය දිනාගැනීමට නාවික හමුදා කාන්තා පාපන්දු කණ්ඩායම සමත් විය.
එමෙන්ම, නාවික හමුදා පිරිමි පාපන්දු කණ්ඩායම හා යුද හමුදා පිරිමි පාපන්දු කණ්ඩයාම අතර පැවති තරඟය ගෝල 01:02 ක් ලෙස අවසන් කරමින් තරඟාවලියේ සමස්ථ පිරිමි අනුශූරතාවය දිනාගැනීමට නාවික හමුදා පිරිමි පාපන්දු කණ්ඩායම සමත් විය.