Local

පලස්තීන වැසියන්ගේ පරිභෝජනයට ශ්‍රී ලංකාවෙන් තේ තොගයක්

Wednesday, 31 January 2024 - 9:56 am

ගාසා තීරයේ පලස්තීන වැසියන්ගේ පරිභෝජනය සඳහා ශ්‍රී ලංකාව තේ තොගයක් පරිත්‍යාග කර තිබේ.

පලස්තීන ජනතාව සමඟ ශ්‍රී ලංකාවේ සහයෝගිතාව සංකේතවත් කරමින් මෙම මානුෂීය ආධාරය ලබා දී තිබෙන අතර එය නිල වශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පිරිනැමූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව වැඩබලන විදේශ කටයුතු ඇමැති තාරක බාලසූරිය මහතා විසින් ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති සුහයිර් හම්දල්ලා සෙයිඩ් මහතා වෙත නිල වශයෙන් මෙම තේ තොගය භාරදුන් බව එම අමාත්‍යාංශය කියයි. සවුදි අරාබිය, ඊජිප්තුව සහ ඉරානය යන රටවල කොළඹ පිහිටි තානාපතිවරු මෙන්ම ඉරාකය, කුවේට්, කටාර්, ඕමානය, ලිබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරු ද මෙම අවස්ථාවට එක්ව තිබේ.

මෙම උත්සවය අතරතුර වැඩබලන විදේශ කටයුතු ඇමැති තාරක බාලසූරිය මහතා පලස්තීන ජනතාව සමඟ ශ්‍රී ලංකාවේ සහයෝගිතාව ප්‍රකාශ කළ අතර පලස්තීනයේ ජනතාවගේ දුක් වේදනාවලට විසඳුම් සෙවීමේ සාමූහික ක්‍රියාමාර්ගය පෙන්වා දුන්නේය. ස්ථාවරත්වය නැවත පැමිණීමෙන් පසු පලස්තීනයේ පාසලක් ඉදි කිරීමට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇති බවද ඒ මහතා සඳහන් කෙළේය.

මෙම අවස්ථාවට එක්වෙමින් විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය පලස්තීන ප්‍රශ්නය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත අවධාරණය කළ අතර උගන්ඩාවේ කම්පාලාහි දී පැවැති නොබැඳි ව්‍යාපාරයේ (NAM) 19 වැනි සමුළුවේ දී ශ්‍රී ලංකාවේ ප්‍රකාශයේ අවධාරණය කර ඇති පරිදි දීර්ඝ කාලයක් පුරා පවතින මෙම ගැටලුවට ඉක්මන් විසඳුමක් සෙවීමේ අවශ්‍යතාව අවධාරණය කළාය.

පලස්තීන තානාපති හම්දල්ලා සෙයිඩ් මහතා පලස්තීනය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍ර සබඳතා ඉස්මතු කළ අතර, කාලීන අවශ්‍යතාවයේ දී ශ්‍රී ලංකා රජයෙන් පලස්තීන ජනතාවට ලංකා තේ පරිත්‍යාග කිරීමෙන් ඇති වූ සුහදතාව පිළිබඳව ප්‍රසාදය පළ කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ හදිසි ප්‍රතිචාර අංශයේ අතිරේක ලේකම් අමීර් අජ්වාඩ් මහතා ඇතුළු පිරිසක් ද මේ සඳහා එක්ව සිටියහ.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT