මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව හලාවත, කැදැල්ලෑව, ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී මෙම උත්සවය පැවැත්වෙන බවයි සඳහන් වන්නේ. රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳ සාකච්ඡාවක් හලාවත කරවිටාගාර ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.