Sports
Asia cup 2023: ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
Friday, 15 September 2023 - 1:26 pm
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.
ඒ 2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය කඩුලු 2 කින් ජය ගැනීමත් සමඟින්.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම සිය පන්දුවාර 42 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 252 ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් Abdullah Shafique ලකුණු 52 ක්, Iftikhar Ahmed ලකුණු 47 ක් හා Mohammad Rizwan නොදැවී ලකුණු 86 ලබාගත්තා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 3 ක්, ප්‍රමෝද් මදුෂාන් කඩුලු 2 ක්, දුනිත් වෙල්ලාලගේ සහ මහීෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාරයේදී කඩුලු 8 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සධීර සමරවික්‍රම ලකුණු 48 ක්,කුසල් මෙන්ඩිස් ලකුණු 91 ක් හා චරිත් අසලංක නොදැවී ලකුණු 49 ලබා ගත්තා.
ඒ අනුව ඉන්දියාව සමඟින් ශ්‍රී ලංකාව ලබන 17 වනදා 2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගයේදී තරග වැදීමට නියමිතයි.