Local
රාජ්‍ය අමාත්‍ය රෝහණ රනිල්ගේ ගුණ කියයි
Tuesday, 23 May 2023 - 1:15 pm
අර්බුද හමුවේ වැටුණු රට ගොඩනැගිම සදහා අභියෝග මැද සියලු බර තම දෙවුර මතට ගත් නායකයා ලෙස වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසගත වන බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මාතලේ ඇම්.සි පාර සිය කාර්යාලයේදි පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ ගෙවීගිය පසුගිය වසරේ මැයි 09 වන දා අප ලංකා ඉතිහාසයට කළු පැල්ලමක් එක්කලදිනයක්. අරගලකරුවන් යැයි කියාගන්නා ත්‍රස්තාවාදීන් පිරිසක් ගෙවල් ගිණිතබා වටිනා මිනිස්ජීවිත රැසකට හානි කලා. මේ පිළිබදව මා මුලසිටම කීවේ මෙම අරගලකරුවන් නිර්දේශපාලනික අරගලකරුවන් නොවන බවයි. එය අත්දකිමින් ගාලුමුවදොර අරගලභූමියෙන් එලියට ආවා. මේ සියල්ලම පක්ෂවල තීන්දු. රාජ්‍ය බලය ඩැහැගැනීමයි විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වූ ඔවුන්ගේ ඉලක්කය වුණේ. එහෙත් අරගලය ආරම්භයේ එය ඉතා නිර්මාණශීලි ප්‍රතිඵලදායක තැනක තිබුණා. පසුව එය නෙළුම් විලකට ඌරන් පැනීමක් වගේ වුණා. කුමන්ත්‍රණකාරයින් වැඩපිළිවෙලක් ඒ තුලින් ක්‍රියාත්මක වීම හේතුවෙන් රටේ ආර්ථිකය බංකොලොත් තත්ත්වයට පත්වුණා. කෙසේ වෙතත් මේ අර්බුදකාරි වාතාවරණය තුල රට භාරගත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙම තත්ත්වය වටහාගෙන මේ වන විට යම් මට්ටමකට රට ගෙන ඒමට මේ වන විට හැකිවෙලා තිබෙනවා. එතුමාගේ අදහස තමයි රට සංචාරක කර්මාන්තයෙන් හා අනෙකුත් සියලුම අංශවලින් ඉදිරියට ගෙන ඒම. මා බලාපොරොත්තු වන්නේ ජනපතිතුමන්ගේ ඉලක්කයට සපුරාගැනිමට සවියක් විම. ඒ වගේම සංචාරක කර්මාන්තයේ ප්‍රගමනය උදෙසා නව්‍ය වැඩපිළිවෙලක් නිර්මාණය කරවීම අප සැමගේ අරමුණ බවද දිසානායක මහතා පැවසිය.
(මාතලේ මහේෂ් කිර්තිරත්න) 2023/05/21