Local
නැනෝ දියර පොහොර ආනයනයේ දී දුෂණ සිදු වූයේ දැයි සෙවීමට කමිටුවක්
Friday, 26 May 2023 - 9:29 am
2021 මහ කන්නයේ වී වගාව සඳහා නැනෝ දියර පොහොර ආනයනය කිරීමේ දී යම් දූෂණයක් සිදුවී ඇත්ද යන්න සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඊයේ (25) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ චීන කාබනික පොහොර නෞකාවට මුදල් ගෙවීම හා නැනෝ පොහොර ආනයනය කිරීම යන කරුණු දෙක යටතේ රටේ කෘෂිකර්මාන්තයට කිසිදු ප්‍රයෝජනයක් සිදු නොවූ බවයි
ඒ අනුව නැනෝ පොහොර ආනයනය සම්බන්ධව යම් දූෂණයක් සිදුවී ඇත්ද යන්න පිළිබඳ දැනට ඉදිරිපත්ව ඇති පෙත්සම් සහ විගණකාධිපති වාර්තාවන් සැළකිල්ලට ගනිමින් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමටයි මෙම කමිටුව පත් කිරීමට තීරණය කර ඇත්තේ