Local
වර්ජනය අසාර්ථකයි - සමන් රත්නප්‍රිය
Thursday, 16 March 2023 - 7:21 am
අද (15) පැවති වැඩ වර්ජනය අසාර්ථක වී ඇතිබව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා. ඒ අනුව අද දිනයේ රාජ්‍ය බැංකු ශාඛා බොහෝ ප්‍රමාණයක් සාමාන්‍ය පරිදි සේවා පවත්වාගෙන ගොස් ඇති බවත්, දුම්රිය සේවයේ වෘත්තීය සමිති 86 ක් ඇති බවත් එයින් වැඩ වර්ජනය සඳහා එක්ව ඇත්තේ දුම්රිය වෘත්තීය සමිති දෙකක් පමණක් බවද ඔහු සඳහන් කළා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේද උපරිම වශයෙන් 2000 ක පමණ පිරිසක් පමණක් වර්ජනය කර ඇති බවත් රෝහල්වල වාට්ටුවල සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි සමන් රත්නප්‍රිය සඳහන් කරන්නේ. වරාය, ප්‍රවාහන, විදුලිබල ක්ෂේත්‍රවලද වැඩ වර්ජනයක් ක්‍රියාත්මක නොවන බවත් උද්ඝෝෂණ පමණක් සිදුකර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.