Local
අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු වෙයි
Thursday, 08 June 2023 - 10:05 pm
ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහළ දැමීමට කටයුතු කළ බව සඳහන් කර තිබෙනවා.
මෙම මිල පහළ දැමීම හෙට (09) දින සිට ක්‍රියාත්මක අතර දිවයින පුරා සතොස ශාඛාවන්ගෙන් මිලදී ගත හැකි බවයි වාර්තාවන්නේ.
ඒ අනුව එම භාණ්ඩය සහ එහි නව මිල පහතින් දැක්වෙනවා.
* මුං ඇට 1Kg - රු.325 කින් (නව මිල රු.1225)
* වියළි මිරිස් 1Kg - රු.60 කින් (නව මිල රු.1290)
* රතු පරිප්පු 1Kg - රු.15 කින් (නව මිල රු.299)
* රතු නාඩු සහල් 1Kg - රු.15 කින් (නව මිල රු.200)
* හාල්මැස්සන් 1Kg - රු.10 කින් (නව මිල රු.1140)
* පාන් පිටි 1Kg - රු.10 කින් (නව මිල රු.200)
* සෝයා මීට් 1Kg - රු.10 කින් (නව මිල රු.650)
* රතු කැකුළු සහල් 1Kg - රු.06 කින් (නව මිල රු.139)
* කඩල 1Kg - රු.05 කින් (නව මිල රු.540)
* සුදු සීනි 1Kg - රු.04 කින් (නව මිල රු.225)