Local

කොරකහගොල්ල ගම්මැද්ද ව්‍යාපෘතියට යට කළ මිලියන 9ක් වතුරේ

Monday, 05 February 2024 - 8:22 am

කිසිදු පූර්ව අධ්‍යයනකින් තොරව ආරම්භ කරන විවිධ ව්‍යාපෘති අතරමග ඇනහිටීම හේතුවෙන් මහජන මුදල් නිකරුණේ විශාල වශයෙන් විනාශ වී යෑම වැළැක්වීමට එවැනි ව්‍යාපෘති කෙරෙහි රජයේ කඩිනම් අවධානය යොමු විය යුතු බව ජනතාව පවසති.

මීට දශක දෙකකට පමණ පෙර රජය විසින් ආරම්භ කරන ලද ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දඹුල්ල සංවර්ධන සැලැස්ම යටතේ ඉදිකළ කොරකහගොල්ල ගම්මැද්ද ව්‍යාපෘතිය ද එවැනි අසාර්ථක ව්‍යාපෘතියකි. ප්‍රදේශවාසීන්ගේ කෘෂිකාර්මික කටයුතු වැඩිදියුණු කර ඔවුන්ගේ ආර්ථික තත්ත්වය නංවාලීම මෙම ව්‍යාපෘතියේ ඉලක්කය විය. නමුත් රුපියල් මිලියන නවයක පමණ මුදලක් වැය කර ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය කෙටි කලකට සීමා විය. අනතුරුව කාලයත් සමඟ මෙහි ඉදිකළ ගොඩනැඟිලි සියල්ල ද වල් බිහි වී තිබේ.

ප්‍රදේශයේ ගොවීන්ගේ කෘෂි නිෂ්පාදනයන් එක් රැස් කර වෙළෙඳපොළට ගෙනයෑම සහ ගොවීන්ගේ කෘෂි යෙදවුම් සියල්ල මෙම ස්ථානයේ ඉදිකර ඇති ගබඩා සංකීර්ණයෙහි රඳවා පහසු මිලට ගොවීන්ට ලබා දීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් ද මෙහි සකස් කර ඇත. ඊට අමතරව මෙම ස්ථානය අවට නිවාස පනහක ප්‍රමාණයක් සංවර්ධනය කර එම පවුල්වල ආර්ථිකය දියුණු කිරීම ද මෙහිදී ඉලක්ක කර තිබුණි. මෙයට සමගාමීව පෙරපාසලක් සහ පෙදෙසේ සේවයේ නිරත රාජ්‍ය සේවකයන් එකම ස්ථානයක රඳවා ප්‍රදේශවාසීන්ට අවශ්‍ය සේවාවන් එකම වහලක් යටදී ලබා දීමට අපේක්ෂා කර ඒ සදහා අවශ්‍ය පහසුකම් දසකස් කර තිබිණ.

නමුත් මේ කිසිවක් මෙතෙක් ක්‍රියාත්මක නොවේ. එහි එකම ප්‍රතිඵලය වූයේ රුපියල් ලක්ෂ ගණනක් වැය කර ඉදිකරන ලද ගොඩනැඟිලි සියල්ල වල් වැදීමය. දැනට මෙම ස්ථානය සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදු කරනු ලබන විවිධ අපචාර ක්‍රියාවන්ගේ තෝතැන්නක්ව ඇති බව ද ප්‍රදේශවාසීහු පවසති. තවද පෙදෙසේ අයාලේ හැසිරෙන සතුන්ගේ ලැගුම්හලක් බවට ද මෙම ස්ථානය පත්ව ඇතැයි ඔවුහු තවදුරටත් කියා සිටියහ. එබැවින් පෙදෙසේ වෙනත් පොදු අවශ්‍යතාවයන් සඳහා මෙම ගොඩනැඟිලි යොදාගත හැකි නමුත් ඒ සඳහා මෙතෙක් රජයේ අවධානය යොමු නොවීම කනගාටුවට කරුණක් බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියහ.


Top Stories
wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

wedivistara

ලක්ෂ 12ක රන්බඩු හා මුදල් කොල්ලකා පලා යයි

wedivistara

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

wedivistara

හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ අභියාචනය ගැන කරුණු දැක්වීමට දින නියම කෙරේ

wedivistara

මර්වින් සිල්වාට එරෙහි නඩුවක් 28 වැනිදා කැඳවීමට නි‍යෝග

wedivistara

හිටපු අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම කල් තැබේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

wedivistara

'බාබා වංගා'ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්


NEWS ALERT