අගමැති මීතොටමුල්ලට - කඩිනමින් කුණුකන්ද ඉවත්කරන්නැයි උපදෙස්

වියට්නාම සංචාරය කෙටිකර දිවයිනට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ මීතොටමුල්ල කුණු කන්ද නාය ගිය ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. පරිසරයට හානියක් නොවන ලෙස මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නා බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ.