ඇමෙරිකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක දැඩි කරයි

ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාවට එරෙහි සම්බාධක දැඩි කිරීමට පියවර ගත්තා . ඒ පසුගියදා උතුරු කොරියාව සිදුකළ මිසයිල හා න්‍යෂ්ටික අත්හදා බැලීම් හේතුවෙන්. උතුරු කොරියා රජයේ නිලධාරීන් 11 දෙනෙකුගේ වත්කම් හා ගිණුම් අත්හිටුවීමටයි ඇමෙරිකා භාණ්ඩාගාරය පියවර ගෙන ඇත්තේ. එම නිලධාරීන් රුසියාව, චීනය, වියට්නාමය සහ කියුබාව යන රටවල සේවය කරන්නන් බව වාර්තාවනවා. ඇමෙරිකාව සමග සබඳතා පවතින සමාගම්, බැංකු සහ ව්‍යාපාරිකයින් රැසකට එරෙහිව ද මෙම නව සම්බාධක ක්‍රියාත්මක බවයි වාර්තාවන්නේ. උතුරු කොරියාව නීති විරෝධී ලෙස න්‍යෂ්ටික බලය සහ න්‍යෂ්ටික අවි භාවිතය වැළැක්වීමට මෙම සම්බාධක ක්‍රියාත්මක කරන බව ඇමෙරිකාව පෙන්වා දෙනවා.