තිරසාරත්වය හා බැදුණු ඇඟලුම්

ඌණ සංවර්ධනය හා අධි සංවර්ධනය යන අන්ත දෙකම පාරිසරික හානි වර්ධනය කරයි. මෙතෙක් අනුගමනය කල සංවර්ධන ආකෘතිය තුල පරිසරය පිළිබදව වැඩි අවධානයක් යොමු නොකිරීම නිසා මිනිසා විශාල වශයෙන් ඉන් පීඩාවට පත් වීමත්, මෙතෙක් අනුගමනය කල සංවර්ධන ආකෘතියේ ස්ථාවර වු අවසානයක් නොමැති වීමත් හදුනා ගැනීමට විද්වතුන්ට හැකියාව ලැබුනි. ස්වභාවික සම්පත් සීඝ්‍රයෙන් පරිභෝජනය කිරීම හේතුවෙන් අනාගත පරපුර සදහා සම්පත් හිගවීමේ අවධානමට මුහුණ දීමට සිදුවන ආකාරය හදුනාගත හැකි විය. එසේම පවතින සංවර්ධන ආකෘතිය අනුව සම්පත් පාරිභෝජනයේ අතුරුඵලයක් වන අපද්‍රව්‍ය මගින් පරිසරයේ දරාගැනීමේ හැකියාව ඉක්මවා යන අකාරයක්ද හදුනාගත හැකි විය. මේ නිසා පවතින සංවර්ධන ආකෘතිය ගැටලු සහගත බවත් නව සංවර්ධන ආකෘතියක අවශ්‍යතාවන් නොයෙක් ආයතන විද්වතුන් විසින් පෙන්වා දෙනු ලැබීය.

අනිවාර්යයෙන් වියයුතු ආර්ථික වර්ධනයත්, පරිසරයේ තිබියයුතු තිරසර බවත් යන දෙකෙහි අත්‍යාවශ්‍යවු ඒකාබද්ධ කිරීමක් තිරසර සංවර්ධන සංකල්පයේ කේන්ද්‍රයේම පවතින්නකි. ආර්ථික සංවර්ධනය හා පාරිසරික සංරක්ෂණය එකිනෙකින් පෝෂණය වන තත්ත්වයක් ඇතිකල යුතු බවත්, ඒ සදහා ලෝකය පුරාම රැඩිකල් වෙනසක් ඇතිකල යුතු බවත් අවධාරණය විය. මේ සදහා තිරසර සංවර්ධන සංකල්පය භාවිතාකරන්නට පෙළබවීමට ‍ ලොව විද්වතුන් උත්සාහ ගන්නා ලදී. මෙම සංකල්පය තුලින් පැරණි සංවර්ධන ආකෘතියේ අඩුලුහුඩුකම් මග හරවා ගනිමින් පරිසරය ගැන විශේෂ අවධානයක් දක්වමින් සාමානාත්මකතාව සහ ඉදිරි පරපුර ගැන අවධානයෙන් යුතුව සංකල්පය නිර්මානය කර ඇත.

පරිසරය සංවර්ධනය කිරීමේ ලෝක සංවිධානය දක්වන ආකාරයට තිරසර සංවර්ධයේ මුලික අරමුණ වන්නේ මුලික මිනිස් අවශ්‍යතාවයන් තෘප්ත කිරීමත් ඔවුන්ගේ ජීවිත වල ගුණාත්මක බව වැඩි දියුණු කිරීමත්, පරිසරය ආරක්ෂා කිරීමත් සමගම නිෂ්පාදන වර්ධනය කිරීමත්ය.

එලියම් ජැනිෆර් (1994) දක්වන ආකාරයට රටක තිරසර සංවර්ධනයක් ඇති කිරීමේදී මුලිකාංග කීපයක් තිබිය යුතු බව දක්වයි. ඒවා නම්

01. ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට ජනතාවගේ සහභාගීත්වය ලබා ගැනීම
02. එම ආර්ථික පද්ධතිය රටෙහි අයහපත් ප්‍රතිඵල ඇති කරන්නක් නොවිය යුතුය.
03. පරිසරය ආරක්ෂා කිරීමේ පදනම මත සකස් වු නිශ්පාදන පද්ධතියක් තිබීම.
04. පරිසරය ආරක්ෂා වන ක්‍රමයේ තාක්ෂණ පද්ධතියක් තිබීම
05. නම්‍යශීලී තීරණ ගැනීමේ පරිපාලන පද්ධතියක් තිබීම

මේ අනුව ඇගලුම් අංශයට තිරසාරත්වය ඉතාමත් වැදගත් සංකල්පයක් ලෙස හැදින්විය හැක.මන්ද අද වන විට තිරසාරත්වය හා බැදුණු විලාසිතා හා ඇගලුම් වලට ඇති ඉල්ලුම ඉතා එහල මට්ටමක පවතින බැවිනි.

තිරසාර විලාසිත යනු පාරිසරික විලාසිත නැතහොත් නිමවුම් ලෙස හැදින් වුවාට වැරදි නැත.අද වන විට බොහෝ ඇගලුම් අංශයේ ව්‍යාපාර තිරසාරත්වය ඔවුන්ගේ ව්‍යාපාර හා සම්බන්ද කරගෙන ඇත.උදා: Patagonia ඇගලුම් සදහා පරිසරයට හිතකර කෙදි මිශ්‍රිත රෙදි යොදා ගනී.එමෙන්ම ලෝකයේ විශාලතම සමුළුව වන තිරසරත්ව විලාසිතා 2012 මැයි මස පැවැත්වුනි.කැතරින් හැම්නෙට්,බෘනෝ පිටෙර්ස්, ක්‍රිස්ටෝපෙර් රයෙබෙර්න් තිරසාරත්ව විලාසිතා නිර්මාණ කරුවන් අතර ප්‍රචලිත වේ.

අද වන විට තිරසාරත්වය හා ඇගැලුම් අංශය තුළින් බිහි වන නිපැයුම් නව විලාසිතාවක් බවට පත්වී තිබේ අපතේ යන ද්‍රව්‍ය,දිරපත්වන ද්‍රව්‍ය නැවත භාවිතා කිරීම හා අපතෙ යන පාරිසරික සම්පත් අවම කර සිතා ගත නොහැකි තරමේ නිර්මාණශීලි ඇගලුම් මේ සංකල්පය තුළින් බිහිවේ.

නිරෝෂා කරන්දන

www.facebook.com/PDCA.SriLanka