Views: 1,889

මොබිටෙල් හා විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය එරික්සන් සමාගම සමඟ දකුණු ආසියාවේ ප්‍රථම 5G නව උත්පාදන කේන්ද්‍රය පිහිටුවීම සඳහා සහයෝගීතාවයකට එළඹෙයි

5g

Share this article   

දකුණු ආසියාවේ මුල් වරට ‘5G ඉන්ටනෙට් ඔෆ් තිංස්(IOT)‘ නමින් අන්තර්ජාලය හා සබැඳී භාණ්ඩ ආශ්‍රිත නිර්මාණශීලිත්වයත් ව්‍යවසායකත්වයත් හඳුන්වා දෙමින් හා එය ශ්‍රී ලංකාවේතොරතුරු තාක්ෂණ දියුණුව සඳහා උපාය මාර්ගයක් ලෙස සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එරික්සන්, මොබිටෙල් සහ විදුලි සංදේශ හා ඩිජිටල් පහසුකම් අමාත්‍යංශය එක්ව 5G නව උත්පාදන කේන්ද්‍රය (5GIsland of Innovation) සඳහා අවබෝධතා ගිසුමකට 2017 මාර්තු 10 දා කොළඹදී අත්සන් තැබිණි. දකුණු ආසියාවේ පළමු වරට සුපිරි 3.5G ජාලයක් දීමේ, HSPA + MIMO තාක්ෂණය සාර්ථකව ආදර්ශනය කිරීමේ සහ 4G-LTE සහ 4.5G-LTE උසස් ප්‍රෝ තාක්ෂණය සාර්ථකව අත්හදා බැලීමේ පුරෝගාමියා වුයේ ද මොබිටෙල්ය.

5G නව උත්පාදන කේන්ද්‍රය තුළින් දේශයේ තොරතුරු තාක්ෂණ නිපුණතාවයන් හා හැකියාවන් තව දුරටත් දියුණු වනු ඇති අතර, ශ්‍රී ලංකාව ඩිජිටල් හා දැනුම කේන්ද්‍ර කරගත් සමාජයක් ලෙස පරිවර්තනය කිරීම සඳහා තොරතුරු තාක්ෂණ රටාවේ නිර්මාණශීලීත්වය හේතුවෙන් නව හා  වැඩි රැකියා අවස්ථා වෙත යොමු වනු ඇත.

විදුලි සංදේශ හා ඩිජිටල් පහසුකම් ගරු අමාත්‍යහරින් ප්‍රනාන්දු මහතා මේ පිළිබඳව තම අදහස් දක්වමින්, “වගකිව යුතු ආයතනික පුරවැසියන් ලෙස දීර්ඝ කාලයක් මුළුල්ලේ දේශය ගොඩනැගීමේ කාර්‍යය සඳහා ශ්‍රී ලාංකීය ජනතාව සමග අත්වැල් බැඳගත් එරික්සන් සහ මොබිටෙල් සමාගම් විසින් මේ පිළිබඳව මූලිකත්වය ගැනීම සම්බන්ධයෙන් මාගේ ප්‍රණාමය ඔවුන්ට පුද කරනවා,” යයි ප්‍රකාශ කළේය. “රටේ ඩිජිටල් පරතරය අඩු කිරීම සඳහා දේශීය තොරතුරු තාක්ෂණ නිර්මාණශීලිත්වය සහ ව්‍යවසාකය උපයෝගී කොට නව රැකියා අවස්ථා බිහි කිරීම ඉලක්ක කරගත් මෙම 5G නව උත්පාදන කේන්ද්‍රය සඳහා එරික්සන් හා මොබිටෙල් ආයතන සමග හවුල්වීම පිළිබඳව අප ඉතා සතුටු වනවා. ඇත්තෙන්ම, විදුලි සංදේශ හා ඩිජිටල් පහසුකම් අමාත්‍යංශයේ අභිලාශය වන්නේ මොබිටෙල් නිර්මාණශීලිත්ව මධ්‍යස්ථානය තුළ  5G නව උත්පාදන කේන්ද්‍රය තුලින් ශ්‍රී ලාංකිකයින් සියල්ලන්ට ප්‍රයෝජනවත් වනසේ, තොරතුරු තාක්ෂණ ක්‍රියාකරුවන් වැඩි දෙනෙකුගේ නිපුනතා හා හැකියාවන් සංයෝජනය කෙරෙන ව්‍යවසායික තොරතුරු තාක්ෂණ පරිසරයක් ඇති කිරීමට මුල පිරීමයි.”

ශ්‍රී ලංකාවේ එරික්සන් සමාගමේඅධිපති, ඩෙනිස් බෘනෙට් මහතා මෙසේ පැවසීය. “දේශය ගොඩනැගීම සඳහාවූ මෙහෙවරෙහි ශ්‍රී ලංකා ජනතාව හා එරික්සන් අතර විසි වසරක් පුරා අඛණ්ඩව පැවති හවුල සනිටුහන් කරමින්, මොබිටෙල් හා විදුලි සංදේශ හා ඩිජිටල් පහසුකම් අමාත්‍යංශය සමග රටේ පළමු වරට 5G නව උත්පාදන කේන්ද්‍රය  සඳහා අප එකතු වීම ගැන මා ඉතා සතුටු වනවා. එතුළින්, එරික්සන් විසින් අපගේ 5G අත්හදා බැලීමේ තාක්ෂණය කොළඹ පිහිටා ඇති මොබිටෙල් නිර්මානශීලිත්වයේ කෙන්ද්‍රස්ථානයෙහි ක්‍රියාත්මක කරනු ඇත. ප්‍රධාන වශයෙන් මෙය ක්‍රියාත්මක කෙරෙනුයේ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය පිළිබඳ නිර්මාණකරුවන්ට තම 5G IoT යෙදවුම් හා සේවා නිපදවීමටත්, ඒවා පරික්ෂාවට භාජනය කිරීමටත් සුදුසු පරිසර පද්ධතියක් සැකසීම සඳහාය.

ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සමාගම්හි සභාපති, පී.ජී. සිරිසේන මහතා මෙම අවබෝධතා ගිවිසුම පිළිබඳව මෙසේ පැවසීය. “අපගේ නවීනතම තාක්ෂණයෙන් යුත් මොබිටෙල් නිර්මාණශීලිත්ව මධ්‍යස්ථානය 5G නව උත්පාදන කේන්ද්‍රය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට හැකිවීම පිළිබඳව අප බොහෝ සතුටු වනවා. එතුලින්, එරික්සන් හා විදුලි සංදේශ හා ඩිජිටල් පහසුකම් අමාත්‍යංශය හා එක්ව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට හා ශ්‍රී ලංකාව පුරා අප ගනුදෙනුකරුවන්ට අගයක් එකතු කරන බ්‍රෝඩ්බෑන්ඩ් නිපැයුම් හා සේවා නිර්මාණය කරන  5G IoT සංවර්ධනය සඳහා සුදුසු පරිසරයක් බිහි කිරීම කෙරෙහි මොබිටෙල් කැපවී සිටිනවා.”

ශ්‍රී ලංකා වෙළෙඳපොලේ දීර්ඝ ඉතිහාසයක් ඇති එරික්සන් හා මොබිටෙල්, රටේ යහපත සඳහා තමන්ගේ ප්‍රධාන තොරතුරු තාක්ෂණ හැකියාවන් යොදා ගනිමින් තම පොදු චේතනාවන් ඉටු කර ගැනීම සඳහා අචලව ඉලක්කගතවී සිට ඇත.

ජායාරූප ශීර්ෂපාඨය
ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් ආයතනයන්හි සභාපති පී.ජී. කුමාරසිංහ මහතා හා එරික්සන් ශ්‍රී ලංකා ආයතනයේ අධිපති, ඩෙනිස් බෘනෙට් මහතා, විදුලි සංදේශ හා ඩිජිටල් පහසුකම් ගරු අමාත්‍ය  හරින් ප්‍රනාන්දු මහතා ඉදිරියේ අවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් අයුරු.