Views: 197

ඉන්දියානු කාන්තාවන්ගේ ලස්සන වීමේ රහස්

Share this article   

ඉන්දියාව රූප සුන්දරියන් නිරතුරුව බිහි කරන රටකි. ඒ තරමටම ඉන්දියානු කාන්තාවන් සුන්දරය.එයට හේතුව ඔබ දන්නවා ද?ඉන්දියාවේ එක එක ප්‍රාන්ත වල දේශගුණය, ආහාර රටාව එකිනෙකට වෙනස් වුවත් ඒත් එහි ජීවත්වන මිනිසුන් ඉතා කඩවසම්විශේෂයෙන්ම තරුණ කාන්තාවන් ඉතාම සුන්දරයි.මෙසේ එක වගේ ලස්සන වීමට හේතුව කුමක් වෙන්න පුලුවන්ද? මෙම සුන්දරත්වය සඳහා බලපාන හේතු කීපයක් තිබෙනවා.ඔබට ඒ පිලිබදව මෙම ලිපියෙන් දැන ගන්න පුළුවන්.




කිරිවලින් හදන ආහාර සහ කිරි වැඩිපුර ගැනීම


වැඩිපුර කිරි බීම සුන්දරවීමට බලපාන විශේෂ කාරණයක් බව ඔබ දැන සිටිය ද? කිරිවලින් සම පැහැපත් වෙනවා. ඒ වගේම මුදවපු කිරිත් ඔවුන්ගේ ආහාරයට නැතුවම බැරි දෙයක්. මෙහි සින්ක් තිබෙන නිසා ඒ මඟින් සමද පිරිසුදු කරනවා. සම මෘදු කරනවා. හිරු එළිය නිසා සමේ ඇතිවන පිලිස්සීම් මකා දමනවා. මුදවපු කිරි වයසට යෑම ප්‍රමාද කරන ඖෂධයකි.




ගිතෙල් ආහාරයට ගැනීම


ඉන්දියානු ආහාරයට ගිතෙල් එකතු කිරීම ඔබ අප දන්නා කරුණකි.ආහාරයට විතරක් සිමා නොවී ඔවුන් සමහර රසකැවිලිවලටත් ගිතෙල් දමනවා. ගිතෙල් ශරීරය පැහැපත් කරනවා. පෘෂ්ටිමත් කරනවා. ඉතා මෘදු,මොළොක් සමක් ඇති කරනවා. සමේ ලපකැළැල් ඇතිවීම වළක්වනවා.මෙසේ ලස්සන වීමට අවශ්‍ය පෙනුම ලබා දීමට ගිතෙල් වලින් හැකියාවක් ලැබෙනවා.



කහ සහ වියළි කහ කුඩු ආලේප කිරීම.

පුරාණ කාලයේ සිටම ඉන්දීය කතුන් කහ රූපය සුන්දර කරන ද්‍රව්‍යයක් ලෙසට භාවිත කර තිබෙනවා. තරුණියක් මනාලියක් වන විට දින කිහිපයක සිටම කහකුඩු ජලයේ මිශ්‍ර කර ශරීරයේ ආලේප කරනවා. එවිට සම රන්වන් පාට කර සමේ කුරුලෑ බිබිළි ආදිය සුව වෙනවා. විෂබීජ නැසෙනවා.වියළි කහ කුඩු එළකිරි සමඟ මිශ්‍ර කර ඇස් වටේ ගෑමෙන් සම රැලිවැටීම වැළකී සම පැහැපත් වෙනවා.ඒ වගේම කහකුඩු,පොල්තෙල් සමඟ මිශ්‍රකර මඳක් රත්කර ගෑමෙන් යටිපතුල් පැළීමද සුව වෙනවා.




පොල්තෙල් භාවිත කිරීම මගින් දිගු දැකුම්කලු කෙස් කලඹක්.

 ඉන්දියානු කාන්තාවන්ට දිගු දැකුම්කලු කෙස් කලඹක් තිබෙනවා. ඔවුන් පොල්තෙල්වලට පොකුරු වදමල් සහ කරපිංචා කොළ දමා සිඳුවා ගන්නා තෙල් දිනපතා හිස ගල්වනවා. මේ නිසා දිලිසෙනතද කළු පැහැති දිගු කෙස් කලඹක් ඇතිවෙනවා. ඒ වගේම ඔවුන් සවසට මඳක් උණුසුම් කළ පොල්තෙල් ඇඟිලි තුඩුවලින් හිසේ,සමේ ගා පිරිමදිනවා. පසුදා උදේ හොඳින් හිස සෝදා නානවා. මෙය දිනපතාම වාගේ කිරීමෙන් ඉහත ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙනවා.


මුං ඇට පිටි ආලේප කිරීම.


මුං ඇට පිටි සම පිරිසුදු කරනවා. මුං ඇට පිටි ජලය සමඟ මිශ්‍රකර මුහුණේ ආලේප කිරීමෙන් සමේ ඇති දුර්වර්ණ බව නැතිවෙනවා.තරුණියන් විසින් මුං ඇට පිටි කිරි, මුදවපු කිරි, කහ කුඩු සහ මී පැණි සමඟ මිශ්‍ර කර මුහුණේ ආලේප කිරීමෙන් මුහුණේ සම පැහැපත් කරනවා. එමඟින් සම මටසිලුටු වේ.මේ ආකාරයෙන්ම කොහොඹ තෙල්, තුලසි පත්‍ර යන ආදියද ගැමි යුවතියන් සමේ පැහැය ඇති කරගැනීම සඳහා භාවිත කරන අවස්ථා දැක ඇත. කොහොඹ තෙල් ආලේප කිරීමෙන්ද සම වියළීම වළකියි. මදුරුතලා (තුලසි) කොළ එළකිරෙන් අඹරා ගෑමෙන් කුරුලෑ සුව වේ.


මුදවපු කිරි භාවිත කිරීම.

ආහාරයක් වශයෙන් මෙන්ම සම පිරිසුදු කිරීමටද භාවිත කරනවා. මුදවපු කිරිවලට දෙහි ඇඹුල් බින්දු කීපයක් මිශ්‍රකර මුහුණේ (ශරීරයේ) ආලේප කිරීමෙන් සමේ තෙතමනයද ආරක්ෂා වී සම පිරිසුදු වෙනවා. මෙය මුළු ශරීරයේම වුවද ආලේප කර විනාඩි 15කට පමණ පසු සෝදා හැරිය හැකිය.මුදවපු කිරිවලට බාර්ලි පිටි මිශ්‍ර කර සමේ ආලේප කර විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර පසුව සිසිල් ජලයෙන් සෝදා හැරීමෙන් සම පැහැපත් වෙනවා.


එඬරු තෙල්

ඉන්දීය යුවතියන් සම පැහැපත් කරගැනීමට එඬරු තෙල්ද භාවිත කරයි. මෙම තෙල් උකුයිඒ වගේම ඇලෙනසුලුයි. ඇස්වටා සහ අතුල් පතුල්වල ආලේප කිරීමෙන් ශරීරය සිසිල් වේ.පිරිසුදු එඬරු තෙල් තේ හැඳි01ක් උණුසුම් ජලය සමඟ මසකට වරක් පානය කිරීමෙන් මලබද්ධය වළකිනවා. ආහාර මාර්ගය හොඳින් පිරිසුදු වෙනවා. මෙය සුන්දරත්වය වැඩිවීමටත් හේතු වෙනවා.දිනපතා නෑමට පෙර ඇඟේ එඬරු තෙල් ස්වල්පයක් ආලේප කර පිරිමැදීමෙන් සම නිරෝගී වෙනවාසම පැහැපත් වෙනවා.


මීපැණි ආලේප කිරීම.

මීපැණි ආලේප කිරීමෙන් සම වියළීම වළකිනවා.මීපැණිවලට එළකිරි මිශ්‍රකර එයටම කුංකුමප්පු ස්වල්පයක් එකතු කර මුහුණේ ආලේප කිරීමෙන් සම පැහැපත් වෙනවා.මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක මඟින් සම වයසට යෑම ප්‍රමාද කරනවා.ඉහත දක්වා ඇති ක්‍රම මගින් ඔබටද  ලස්සන රූ සපුවක් ලබා ගත හැක.ස්වභාවික දේවල් යොදා ගත් විට ඔබගේ සමට ඇති වීමට තිබෙන අහිතකර තත්ත්ව මග හරවා ගත හැක.