ඩිජිටල්කරණයෙන් 2017 හැඩකරගන්න.

ඔබ සතුව වෙබ් අඩවියක් තිබේද? ඔබත් සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරන්නෙක්ද? එසේ නොමැති නම් අදම 2017 වසරට සූදානම් වන්න. දිනෙන් දින අළුත් වන ලෝකයේ භාණ්ඩ හා සේවා අලෙවිකරණයට අන්තර්ජාලය භාවිතා නොකරම බැරි තත්වයක් ඇත. ඔබ සතුව නව වෙබ් තාක්ෂණයෙන් හැඩවුණ වෙබ් අඩවියක් නොමැති නම් ඒ සදහා යොමුවන්න. වෙබ් අඩවියක මූලික වශයෙන් භාවිත කරන්නාට ඇසට ප්‍රිය මනාප වූත්, අන්තර්ජාල සේවාවන් භාවිත කරන්නට යොදාගන්නා සෑම උපකරණයකින්ම (Responsive Website) පිවිසිය හැකි විය යුතුය.
 
එමෙන්ම ඔබ සතුව ඇති වෙබ් අඩවිය පහත සදහන් ඇස් පහකින් නොඑසේ නම් වෙබ් අඩවි හා සම්බන්ධ වෘත්තීයවේදීන් පස් දෙනකුගේ අවදානයට යොමු කොට සාර්ථක වෙබ් අඩවියක් ඔවුන්ගේ වෘත්තීය කුසලතාවයන් උපයෝගී කොට ගෙන නිර්මාණය කරගන්න.

1. Web Designer (වෙබ් අඩවි නිර්මාණකරු)
2. Web Developer (වෙබ් අඩවි සංවර්ධනකරු)
3. SEO Engineer (සෙවුම්යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරු)
4. Content Writer (අන්තර්ගත ලේඛක)
5. Network Engineer (ජාල ඉංජිනේරු)



එමෙන්ම ඩිජිටල් අලෙවිකරණය යටතේ එන තවත් වැදගත් අංශ දෙකකි.

1. සෙවුම් යන්ත්‍ර අලෙවිකරණය (SEM - Search Engine Marketing).
2. සමාජ ජාල අලෙවිකරණය (SMM – Social Media Marketing).
3. සෙවුම් යන්ත්‍ර අලෙවිකරණය (SEM - Search Engine Marketing).

මෙහිදී සිදුකරනු ලබන්නේ සෙවුම් යන්ත්‍ර තුල දැන්වීම්කරණයයි. සරලව කිවහොත් ඔබ පුවත්පත් දැන්වීම්, රූපවාහිනී දැන්වීම් දැක ඇති. එමෙන්ම සෙවුම් යන්ත්‍ර තුලත් දැන්වීම්කරණය යම් මුදලක් වැයකොට ඔබට කරගත හැකිය. එවැනි දැන්වීම් ලබාදෙන වෙබ් අඩවි සෙවම්යන්ත්‍ර නිර්මිත ආයතන මගින් ලබාදී ඇත. එවා කිහිපයක් නම්.

www.adwords.google.com
www.doubleclickbygoogle.com
www.advertising.yahoo.com
www.advertise.bingads.microsoft.com

මෙම දැන්වීම්කරණය සදහා ඔබට පලපුරුද්දක් නොමැති නම්, නොතේරෙන්නේ නම්, පලපුරුදු අන්තර්ජාල සෙවුම්යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරුවරයෙකුගේ සහාය ලබාගන්න.
සමාජ ජාල අලෙවිකරණය (SMM – Social Media Marketing).
සමාජ ජාල අලෙවිකරණයේදී ලොව බහුලව භාවිතාවන අඩවි වන්නේ facebook, Twitter, Google plus, YouTube, Instagram, LinkedIn,Vk, Pinterest ය. මෙම අඩවි ඔබේ වෙබ් අඩවිය හා සම්බන්ධ කරගන්න. මෙම සමාජ ජාල වෙබ් අඩවි මගින් ඔබට නොමිලයේ මෙන්ම මුදල් ගෙවා තම දැන්වීම් පලකරගත හැකිය.

www.facebook.com/ads/create
www.ads.twitter.com
www.linkedin.com/ad/accounts
www.business.instagram.com/advertising
www.vk.com/ads
www.ads.pinterest.com
www.ads.youtube.com

මෙහිදී Google ආයතනය මගින් ලබාදෙන සේවාවක් වන Google Plus හි දැන්වීම්කරණය සදහා www.adwords.google.com භාවිතා කල හැකිය. මෙහි ක්‍රියාවලියද ඔබට නොතේරෙන්නේ නම් අන්තර්ජාල සෙවුම්යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරුවරයෙකුගේ සහාය ලබාගන්න.

දැනට ලෝකයේ භාණ්ඩ හා සේවාවන් ඉතා ඉක්මණින් ප්‍රජාව එසේත් නොමැතිනම් අන්තර්ජාල පරිශීලකයන් වෙත ගෙන යාමට බොහෝ ආයතන ඉහත සදහන් කරන ලද ක්‍රමවේදයන් භාවිතා කරනු ලබයි. එමගින් ඔවුන් දැවැන්ත ප්‍රචාරණයක් ලබාගනී. දැනට ලෝක ජනගහනයෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් අන්තර්ජාල භාවිතා කරයි. ඉදිරියේදී මෙම තත්වය තව තවත් වර්ධනය වන්නට පුළුවන. එසේ නම් ඔබත් මේ තරඟකාරී ලෝකයට ඇතුල්වී ඔබේ භාණ්ඩයේ හෝ සේවාවේ අලෙවිය වැඩිකරගන්නට ඩිජිටල් අලෙවිකරණ ක්‍රමවේදයන් භාවිතයට ගන්න. තවත් ලිපියකින් නැවත හමුවෙමු.



ඔබට 2017 වසර සෞඛ්‍යසම්පන්න, සියළු පැතුම් ඉටුවන, වාසනාවන්ත නව වසරක් වේවා!...
පුලස්ති වන්නිආරච්චි
අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තිකරණ ඉංජිනේරු