Views: 35,300

වෛද්‍ය අයෝමි සුදේශිකා හදිසි අනතුරකින් මෙලොව හැර යයි.

Share this article   

වව්නියාව A9 මාර්ගයේ භූ ඔය පාලම අසලදී අද උදෑසන - 27 දින, 5:30ට පමණ කැබ් රථයක් හා කන්ටේනර් රථයක් එකිනෙක මුහුණලා ගැටීමෙන් සිදු වූ අනතුරින් කැබ් රියේ ගමන් කරන ලද 32 හැවරදි වියේ පසුවූ වෛද්‍ය අයෝමි සුදේශිකා සහ එතුමියගේ පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

වෛද්‍ය අයෝමි සුදේශිකා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  වෛද්‍ය පීඨයෙන් තම වෛද්‍ය උපාධිය ලබාගත් අතර, රාගම, පුත්තලම හා කළුබෝවිල යන රෝහල්වල සේවය කොට ඇත. එමෙන්ම ඇය කාගේත් හිත් දිනාගෙන අවංකව සේවයට කැපවුණ, සොඳුරු වෛද්‍යතුමියකි. එවන් වෛද්‍යතුමියකගේ හදිසි අභාවය රටටම දැරිය නොහැකි පාඩුවකි.