Views: 15,089

පිළිකා රෝගීන්ට ජීවිත කාලය පුරා රජයෙන් නොමිලේ ඖෂධ

Share this article   

සෑම පිළිකා රෝගියෙකුටම තම ජීවිත කාලය පුරාවට නොමිලේ ඖෂධ ලබා දෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරනවා. බලපෑම්වලට යටත් නොවී යහපාලන රජය තුළින් නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්‍ෂා කරගනිමින් ඉදිරියට යන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

දෙහිඕවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ රුපියල් මිලියන 14ක වියදමින් ඉදිකළ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. මෙම අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.