Views: 13,792

තම නිවස කඩද්දි ඉවසා යහපාලනට පූර්වාදර්ශයක් දුන් ඇමතිවරයා

Share this article   

යහපාලන රජයේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා මෙන්ම ජාතික ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වන කබීර් හෂීම් මහතා කල කැපකිරීමක් පිලිබද අපට අද දිනයේ දකින්නට ලැබුණි.

ඔහුට අයත්ව තිබූ වසර 120කට වඩා පැරණි පරම්පරාගත නිවසක් අද (19) මාවනැල්ල  හෙම්මාතගම ගම්මානයේදී කඩා දමා තිබෙනවා. ඒ මාවනැල්ල හෙම්මාතගම හරහා ගම්පොල දක්වා දිවෙන මං තිරු දෙකක් සහිතව මාර්ගය පළල් කිරිමේ ව්‍යාපෘතියට සමගාමීවය.

මෙම තීරු 2ක් සහිතව පළල් කෙරෙන මාර්ගය, මාවනැල්ල හෙම්මාතගම නගරය හරහා ගම්පොළ දක්වා ඉදිවන කෙටි මාර්ගයක් ලෙස භාවිතා  වෙයි. කිලෝමිටර් 22 ක් පමණ වන මෙම මාර්ගය සඳහා රජය වැය කිරිමට බලාපොරොත්තු වන මුදල රුපියල් මිලියන 5670 කි.

නිවස කඩා දැමිමට කොන්ත‍්‍රාත්කරුවන් පැමිණි අවස්ථාවේ එහි පැමිණි ආමාත්‍යවරයා මෙසේ පැවසීය.

“මේ  තියෙන්නේ මගේ පරම්පරාවෙන් පැවත එන මාගේ සීයාගේ නිවස. අපිත් හැදී වැඩුනේ මෙ නිවසේ. මේ පාරට ප‍්‍රතිපාදන වෙන් කරලා දුන්නෙත් මම. ඒ මහා මාර්ග ආමාත්‍යවරයා වෙලා ඉන්න දවස්වල. පසුගිය කාලයේ අපි දැක්කා පාරවල් පළල් කරද්දි ප‍්‍රදේශයේ මහජන නියෝජිතයන් තමන්ගේ නිවෙස් බේරාගෙන වැඩ කටයුතු කරපු හැටි. සමහර අය අයුතු විදිහට රජයේ ඉඩම් අල්ලා ගත්තා. පාර හැදෙනකොට තමන්ගේ නිවසේ මිදුලේ ඉඩමේ කොටසක් වත් දෙන්නේ නැතුව සාමන්‍ය දුප්පත් අහිසංක මිනිසුන්ගේ වතු පිටි අල්ලා ගෙන ඒ අයට අසාධාරණයක් වන විදිහට වැඩ කරන්න උපදෙස් දුන්නා. එහෙම කරලා තමන්ගේ දේවල් බේරා ගත්තා.

නමුත් මම කල්පනා කලා ප‍්‍රදේශයේ මහජන නියෝජිතයා හැටියට මා නායකයෙක් හැටියට පූර්වාදර්ශයක් දෙන්න ඔනෑ කියලා.”