ශ්‍රී ලංකාවට හතර වන රන් පදක්කම දිනේෂ්ගෙන්


ශ්‍රී ලංකාට හතරවන රන් පදක්කම දිනාදීමට ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ සිවුවැනි දිනය වන අද (11 වැනිදා) පැවැති එෆ්.46 කාණ්ඩයේ (පිරිමි) හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත සමත් විය.
එම ඉවව්වේ නව තරගාවලි වාර්තාවක්ද පිහිටුවමින් මීටර් 61.84 ක දුරක් හෙල්ල විසිකරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට දිනේෂ් ප්‍රියන්ත සමත් විය.

ශ්‍රී ලංකාව රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා ගනිමින් එහි 13 වැනි ස්ථානයේ පසුවෙයි.