මාලදිවයින් නව ජනාධිපතිවරයා ලෙස තේරි පත් වූ ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතාට ජනපතිගෙන් සුබ පැතුම්

මාලදිවයින් නව ජනාධිපතිවරයා ලෙස තේරි පත් වූ ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතා  ( Ibrahim Mohamed Solih)   සහ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක්  ඊයේ (10) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී සිදු විය.
 
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සීෂෙල්ස්හි දෙදින රාජ්‍ය සංචාරය නිමකර අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණි අතර, ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතාගේ ද  සිංගප්පුරු සංචාරයක් අතරතුර දී මෙම හමුව සිදු විය. 
 
ජනාධිපතිතුමා මෙහිදී ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතා  වෙත සිය උණුසුම් සුභාශීංසන පිළිගැන්වීමට අමතක නොකළේ ය